ආයුබෝවන් !

මේ මගේ පළමුවෙනි බ්ලොග් සටහන යි. ඇත්තට ම, සිංහලෙන් බ්ලොග් තියනවා කියලා මම දැනගත්තෙත් මීට දින කීපයකට කලින්. දැනගත් වෙලාවෙ ම මගේ බ්ලොග් එකකට මුල පුරන්න හිතුවත් මගේ සිංහල යුනිකේත පද්ධතියේ තාවකාලික වැඩවර්ජනය ඊට ඉඩ දුන්නේ නෑ. කොහොම හරි ඔන්න මම මගේ පළමු බ්ලොග් ලිපිය ලියනවා.

මට මගේ බිලොග් එකේ ලියන්නෙ මොනව ද කියන ප්‍රශ්නෙ නෑ. මොකද කිව්වොත් ලියන්න දේවල් කෙළවරක් නැතුව තියනවා. ඒවා කියවන්න කැමති ඈයෝ කියවපුවාවෙ. දැන් රෑ වේගන එන නිසා මට අදට ලියන එක නවත්වන්න සිද්ධ වෙනවා. පළමු ලිපිය ම ඡේද දෙකකින් අවසන් වීම ගැන එච්චර හිතන්න එපා. මොකද දැන් රෑ වුණාට, හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කියලා කවුදෝ කියල තියනවනෙ !

ප්‍රතිචාර 3

  1. සු said,

    2008 ජූලි 2 at පෙ.ව. 5:35

    අයියෝ..රෑටනේ නිදහසේ හොඳට ලියන්න පුළුවන් .. : )
    අපිත් මේ එළිවෙනකම් බලාගෙන ඉන්නේ ..

  2. සහන් said,

    2008 ජූලි 2 at ප.ව. 9:42

    හරිම අගෙයි. සිංහලෙන් ලියන්න පටන්ගත්තාට මගෙන් සුබ පැතුම්. සාර්ථක බ්ලොග් එකක් පවත්වා ගෙන යාමට ශක්තිය, දිරිය ලැබේවා!

  3. shadeesh said,

    2008 ජූලි 9 at ප.ව. 10:18

    මාර වැඩේ මට තාම දැනෙන්නැනේ බ්ලොග් එකව්න්ට් එකක් හදාගන්න.උදවු කරනවද


Post a Comment