අතීතයෙන් ගඟ ගලා බසී

ජීවිතේ හැමදා ම එක විදියට තියෙන්නේ නෑනේ. ඒ වගේ මගේ ජීවිතෙත් අද ලොකු වෙනසක් වෙන දවසක්. මට මතකයි මම ඉස්සෙල්ලා ම ඉස්කෝලෙ ගිය දවස. එදා ඉඳන් අවුරුදු දහ තුනක් ඉස්කෝලෙ ගියා. යාළුවෝ, පොත් පත්, පිස්සු වැඩ, දඩබ්බර වැඩ, එක්ක ගෙවුණු මගේ ළමා තරුණ විය කොච්චර සුන්දර ද.  මගේ පාසල් විය දැන් ඉවර යි. කොටින් ම අද ඉඳන් මම පාසල් ශිෂ්‍යයෙක් කියලා හඳුන්වන්න බෑ.  ඒත් ඒ කාලෙ ජීවිතේ තියන තුරු අමතක නොවන කාලයක් වේවි. අපේ ජීවිත ඔහොම තමයි ඉතින්. සමුගැනීම්, වියෝ වීම්, අමතක වීම්, වේදනා ඔය හැම එකක් ම තියෙනවා. ඒ හින්දනේ ලෝකේ මෙච්චර ලස්සන. අද ඉඳන් මගේ විශ්වවිද්‍යාල ජීවිතේ ඇරඹෙනවා. අලුත් ලෝකයක්, අලුත් ජීවිතයක් , අලුත් යාළුවෝ, එක්ක කාලය ඉදිරියට ඇදිලා යාවි. ඇත්තෙන්ම මේ හැම දේකම තියෙන්නේ සමුගැනීම නේද කියලා හිතෙනවා. සේකර කිව්වා වගේ ජීවිත ගඟ ගල් කුළු මතින් වැටි වැටී හඬ නඟමින් ඉදිරියට අනාගතයට ගලා යාවි. ඉතින්.. මම ඒ ජීවිතේ විඳින්න සූදානම් වෙනවා……..

අතීතයෙන් ගඟ ගලා බසී

සිඳී බිඳී ගල් පර අතරේ

සිනා සිසී සුදු පෙණ පොකුරේ

ගලා බසී……..ගඟ ගලා බසී………..

නීතිය කෝකටත් තෛලය ද?

දිනක් නස්රුදීන්ගේ රටේ රජතුමා අපූරු නීතියක් පැනවූයේ ය. තමන් බොරුකීමට කොතරම් අකමැති ද යන්න පෙන්වීමට අවශ්‍ය වූ බැවින් රජු, බොරු කියන සියලු රට වැසියන්ට මරණ දඬුවම පමුණුවන ලෙස රාජපුරුෂයන්ට නියෝග කළේ ය. රාජ පුරුෂයෝ උඩබිම බැලූහ. කෙලෙස නම් බොරුකියන්නන් අල්ලන්න ද. ඊට විසඳුමක් ද රජු ලබා දුන්නේ ය. දැන් නීතිය ක්‍රියාක්මක ය. නගර ප්‍රකාරය අසල රැක සිටින රාජ පුරුෂයෝ, නුවරට ඇතුළුවන සියලු ජනයාගෙන් විවිධ පුශ්න අසති. යමෙකු බොරු කියන්නේ යැයි  සිතුන හොත් එතැන ම ඇති එල්ලුම් ගහේ ඒ මොහොතේ ම එල්ලා මරති. නස්රුදීන්ට මෙය ආරංචි විය. ඔහු වහාම නගර ප්‍රාකාරය දෙසට ගියේ ය. රාජ පුරුෂයෝ නස්රුදීන් නැවතූහ.

" තමා කොහේ ද යන්නේ ?"

"එල්ලිලා මැරෙන්න යනවා." නස්රුදීන්ගේ පිළිතුර විය.

       රාජපුරුෂයන් මුහුණ දුන්නේ උභතෝකෝටික ගැටලුවකට ය. මොහු එල්ලා මැරිය නොහැකි ය. මන්ද එවිට මොහු කී දෙය ඇත්ත වන බැවිනි. ඇත්ත කියන මිනිසෙකු එල්ලා මැරිය නොහැකි ය.  එසේ ම මොහු නිදහස් කර යැවීමට ද නොහැකි ය. මන්ද නස්රුදීන් එල්ලා නොමැරුවොත් මොහු කී දේ බොරු වන බැවිනි. එවිට බොරු කියන අයෙකු නිදහස් කළ යැවූවා වෙයි.

 

රාජපුරුෂයන් කළ දේ ගැන දැන ගැනිමට නැත.

එහෙත් පමණ ඉක්මවා යන නීතිය රටක් පාලනයෙහි ලා කෙතරම් අසාර්ථක ද?

පොතක මිල හා වටිනාකම

-: “පොතේ මිල කීයද?” ලාඕ ඇසී ය.

-: “පොඩි රිදී කාසි තුන යි.” පොත් වෙළෙන්දා කීවේ ය.

:- “මගෙ අම්මෝ, පොතකට එච්චර ගාණක්.” ඔහු හඬ නඟා කීවේ ය.

:- “පොතකට ඇයි නොගෙවන්නේ.” පොත් වෙළෙන්දා ඇසුවේ ය. “ඔහේ ඌරු මස් කෑල්ලකටත් ඒ තරම්ම වියදම් කරනවා. ඔහේ ඒක කනවා. එච්චරයි. ඒක ඉවර යි. ඉතිරි වෙන දේවල් ඉඳුල් විතර යි. ඒත් ඔහේගේ හිත ඇතුළට ගත්ත පොතක් හිත ඇතුළෙ රඳා හිටිනවා. ඔහේට ඒක අමතක වුණොත් ආයේ කියවන්න පුලුවනි. කවුද දන්නේ ඔහේ ඒකෙන් මොන මොනවා හිතාවි ද කියලා..”

(Dragon Seed පර්ල් එස් බක් – පරිවර්තනය ටී අන්ද්‍රාදි)

අහෝ ලිනක්ස් !!

linux-penguin-we-are-free-and-legit-now-no-worry-150807

මම හිතන්නේ පහුගිය ආත්ම ගාණක ම  මම බිල් ගේට්ස්ට ණය කාරයෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒකනේ ලිනක්ස් ස්ථාපනය කරන්න දරපු තුන්වන උත්සාහයත් අතිසාර්ථක ලෙස අසාර්ථක වුණේ. මෙන්න මේකයි කතාව

ලිනක්ස් පිහිටුවන්න තිබුණු උනන්දුව නිසා ගෙදර තිබුණු 10GB- IDE හාඩ් එකක් හයි කරලා ෆෙඩෝරා 9 ස්ථාපනය කළා.  වැඩක් නෑ පරිගණකය නැවත පණ ගැන් වූ විට වෙනත් මෙහෙයුම් පද්ධතියක් තිබෙන බව වත් නොසළකා වින්ඩෝස් ආරම්භ වෙනවා.

ඒ ගමන උබුන්ටු දාන්න හිතුවා උබුන්ටු 8.04 සංස්කරණයේ වින්ඩෝස්වල සිටම ස්ථාපනය ආරම්භ කළ හැකි නිසා එහෙම කළා. පසුව නැවත පණ ගන්වා ස්ථාපනය සම්පූර්ණ කළා.  එවිට මෙහෙයුම් පද්ධති තේරීමේ තිරයක් පැමිණියත් එහි දී උබුන්ටු තේරූ විට Mount නොහැකි බව කියැවෙන පණිවිඩයක් සමග නැවත තේරීමේ තිරයට එනවා.

අවසාන වතාවට උබුන්ටු සජීවී තැටියෙන් ම ස්ථාපනය කරන්න හිතුවා. ඒත් සිදු වුණේ ෆෙඩෝරා ස්ථාපනය කළ විට සිදි වූ දේ ම යි.

එක්කෝ මේක ලිනක්ස්වල වැරැද්දක්. නැත්නම් මගේ පරිගණකයේ වැරැද්දක්. මම නම් හිතන්නේ මේක මගේ ලොකු අපලයක්.

:-(   :-(   :-(

ටොන් එකේ හාඩ් ඩිස්කයේ තවත් ඡායාරූප

  

 

 

ටොන් එකක් බර හාඩ් ඩිස්කයක්

5MB IBM Hard Disk in 1956         අද කාලෙ නම් හාඩ් ඩිස්කයක් කියන්නේ බොහොම කුඩා උපකරණයක්. එහෙත් බලන්න මේ හාඩ් ඩිස්කය ධාරිකාව මෙගාබයිට් 5යි. (5MB). බර ටොන් එකයි. මේක අද කාලෙ එකක් නම් නොවෙයි. 1956 දී අයි.බී.එම් සමාගම මගින් නිෂ්පාදනය කළ පරිගණකයකටයි මේ දැවැන්ත හාඩ් ඩිස්කය අඩංගු වුණේ.  ඒ පරිගණකය, ලොව පළමු හාඩ් ඩිස්කයක් සහිත පරිගණකය ද වෙනවා.

මරණ දඬුවමට නියම වූවෙකු කී කතාවක්

මෙය මා කියැවූයේ සති අන්ත පුවත් පතකිනි. කතාව මෙසේ ය.  1738 දී බ්‍රිතාන්‍ය රජු විසින් එල්ලා මැරීමට නියම කරනු ලැබූ ජෝර්ජ් වැස්ලි නැමැත්තා, තම මරණයට පෙර රැස් ව සිටි ජනතාව අමතා අපූරු කතාවක් කීවේ ය.

“මම මිනී මැරීමේ චෝදනාවට වැරදිකරු වෙමි. මා මැරුවේ එක එක මිනිසෙකි. මහා ඇලෙක්සැන්ඩර් රජ ලක්ෂ ගණනක් මිනී මැරුවේ ය. ඔවුන්ගේ නම් ඉතිහාස ගත වී ඇත්තේ ශ්‍රේෂ්ඨ වීර පුරුෂයන් හැටියට ය. අන්න එහෙමයි ලොකෙ හැටි. ඔවුහු ලොකු ලොක්කෝ ය. මම නිකම්ම නිකම් සොක්කෙක්මි” ‍

නිදහස් මෘදුකාංග පිළිබඳ දැනුම

ඊයේ මම ගම්පහ නගරයට ගිය වෙලාවේ පරිගණක උපාංග හා සංයුක්ත තැටි අලෙවි හලකට ගියේ පරිගණක සඟරාවක් ගන්නයි. ඇතුළෙ සංයුක්ත තැටි පුරවා තිබුණු රාක්ක ඔක්කො ම හිස්. ඒකෙ හිටපු පොර කියපි “බලන්ඩකො මල්ලි, ඔක්කො ම සොෆට්වෙයා අල්ලනවනෙ, මාර අවුල”. මම කෙලින් ම ඇහුවා “ඉතින් ඔයගොල්ලෝ ෆ්‍රී ඕපන් සොස් ඒවා විකුණන්නකෝ. වැඩේ ඉවරනේ.” ඒගමන මිනිහ කියනවා “ඒ මොනව ද මල්ලි ඒ……!” මම එළියට බැහැල ආව එන්න. ඕන්න ඔහොමයි ලංකාවේ නිදහස් මෘදුකාංග ගැන  දැනුම !

අපි ජනමාධ්‍යවේදියෝ වන්නෙමු ද?

ජනමාධ්‍ය වේදියා යනු සරල ව කිවහොත් ජනතාවට යම් මාධ්‍යයක් හරහා තොරතුරු ලබා දෙන තැනැත්තෙකි. අනිවාර්යයෙන් ම ජනමාධ්‍යවේදියා  එයට වගකීමෙන් බැඳීසි සිටී.  ගැටලුව වන්නේ අප ජනමාධ්‍යවේදීන් වන්නේ නම් බ්ලොගර්කරුවන් ලෙස ජනතාවට තොරතුරු ලබා දෙමින් ජනතාව සමග නිරන්තර සංවාදයක යෙදෙන්නේ ද යන්නයි.

බිලොගර්කරුවා ජනතාවට ‍තොරතුරු ලබා දෙයි යන්න ජාත්‍යන්තර වශයෙන් ගත් කල පිළිගත හැකි ය. නමුත් සිංහල බ්ලොගර්කරුවන්ගේ සංසදයේ බිලොගර් කරුවන්ට මෙම කරුණ අදාළ වේ ද? මේ ලියන මොහොත වන විට අප සංගමයේ සාමාජික සංඛ්‍යාව 124කි. වෙනත් වචන වලින් කිවහොත් මේ ලියන බ්ලොග් කියවන, මේ 124 දෙනාගෙන් බාහිර පිරිස ඉතා අඩු බවයි. ඉදින් අපි ජනතාවට තොරතුරු ලබා දෙන්නෝ වන්නෙමු ද?

නිසැකව ම සාමාන්‍ය ජනමාධ්‍යවේදියෙකුට ක්ෂේත්‍රයේ පවතින සීමා මායිම්  කඬුලු බ්ලොගර්කරුවන්ට නැත. එබැවින් බ්ලොගර්කරුව්නගේ ක්ෂේත්‍රය ජාත්‍යන්තර වශයෙන් ඉතා පුළුල් ජනසන්නිවේදන මාධ්‍යයක් බවට පත් ව ඇත. නමුත් ලංකාව තුළ මෙය තවමත් ප්‍රචලිත නැත. මෙවන් තත්ත්වයක් යටතේ පසුගිය දිනවල සංගමයේ කතාබහට  ලක් වූ පරිදි බ්ලොගර්කරුවන්ගේ ලෝකයට ලාංකිකයන් ගෙන ඒමේ වැඩපිළිවෙලක් අප විසින් දියත් කළ යුතු ව ඇත.

අප එතැනින් නැවතිය යුතු ද?. ලාංකික බ්ලොග් ලියන්නන් ගණනින් වැඩි වීම පමණක් පුමාණවත් නොවේ.  අප අතර වන කතාබහ පරිගණක ක්ෂේත්‍රයටත් අන්තර්ජාල කටයුතුවලටත් පමණක් සීමා නොවී ජාත්‍යන්තර වශයෙන්, විශේෂයෙන් ම රටක් ලෙස අපට බලපාන සමාජ, ආර්ථික, දේශපාලන, කලා කටයුතු සම්බන්ධ  බුද්ධිමත් සංවාදයකට  මඟ පෑදිය යුතු බව මගේ අදහසයි.

පාර්සල් තැපැල්

ශ්‍රී ලංකා �ැපැල්              ඊයේ රත්නපුරේ පැත්තේ යාළුවෙතුට පොතක් තැපැල් කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුණා. පොත හොඳට පාර්සල් කරලා ලිපිනය ලියලා තැපැල් කන්තෝරුවට අරං ගිහාම එකනින් කියනවා පාර්සල් කළ ඒවා බාර ගන්නෙ නැතිලු. අවශ්‍ය කරන සියලු දේවල් අරගෙන ඇවිත් තැපැල් කන්තොරුවෙ දී පාර්සල් කරන්න ලු. දැන් රටේ ආරක්ෂක තත්ත්වය අනුව ඒකත් ඇත්ත  තමා. ඒ ළුවුණාට කවුරු හරි පාර්සලේ ආතුළට බොම්බයක් දමල කාට හරි යැවිවට වැඩක් වෙන්නේ නෑ. තැපැල් සේවකයින් කුළු ගෙඩියෙන් ගහනව වගේ සීල් ගහන කොට එතනදිම පුපුරනව ඒක.

           කොහොම වුණත් තැපැල් කාර්යාලයේ දී පාර්සල් කරන එක නම් ටිකක් කරදර වැඩක්. ඒ වුණාට මීට පස්සේ මොකක් හරි දෙයක් පාර්සල් තැපෑලෙන් යවනවා නම් මේක මතක තියා ගන්න

« Older entries