මගේ මිතුරෙක් ඉන්නවා. ඔහු ළඟ පැරණි ගීත වටිනා චිත්‍රපට විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒත් ඔහු ඒවා කාටවත් දෙන්න එච්චර කැමති නෑ. අපේ ගෙදර ආපු වෙලාවට ඔහුගේ pen drive එක මගේ පරිගණකයට සම්බන්ධ කළාම මට එය පිරික්සන්නට වත් ඉඩ දෙන්නේ නෑ. මෙයාට ළඟ දී හොඳ වැඩක් වුණා. මෙයාගෙ පරිගණකය තමයි මම මේ ලෝකෙ දැකපු බරපතල ලෙස ම වයිරස්වලින් හානි වූ පරිගණකය. කොච්චර වයිරස් තියනවා ද කියනවා නම් පරිගණකය පණ ගන්වන්න ම විනාඩි 15 විතර යනවා. අන්තිමේ දී මේක කොහෙත් ම පණගන්වන්න බැරි වුණා.
ඔහු මට කිව්වා පොඩ්ඩක් ඇවිත් පරිගණකය හදලා දෙන්න කියලා. මම ගිහින් බැලුවා. ඒ වෙනකොට ඔහු ළඟ තවත් අලුත් හාඩ් ඩිස්කයක් තිබුණා. මට කරන්න තිබුණේ අලුත් හාඩ් එකට OS එකක් දාලා හොඳ වයිරස් ගාඩ් එකකින් පරණ හාඩ් එක සුද්ද කරන එකයි. ඒත් මම එහෙම නොකර කිව්වා ඒ විදියට කළොත් අලුත් හාඩ් එකටත් වයිරස් එනවා ඒ නිසා පරණ හාඩ් එක මට දෙන්න මම මොනවා හරි කරලා වයිරස් අයින් කරලා දෙන්නම් කියලා. ඒත් ඒකෙ තියෙන පැරණි ගීත චිත්‍රපට මගේ අතර පත් වෙයි කියලා වෙන්න ඇති එයා ඒකට කැමති වුණේ නෑ.
අන්තිමේ දී හොඳින් බැරි නිසා නරකින් වැඩේ කරන්න මට සිද්ධ වුණා. ඔහුගේ ගෙදර ගිය වෙලාවක පැත්තකට දාලා තිබුණු පරණ හාඩ් එක හොරෙන් ම ගෙදර ගෙනාවා. මගේ පරිගණකයට හයි කරලා වයිරස් සුද්දයක් දැම්ම විට පෙනුනා ඒ හාඩ් එකේ ගිගා බයිට් 3 විතරම වැයවෙලා තිබුණේ වයිරස්වලට :-O ඔහු තවම දන්නේ නෑ හාඩ් එක මා ළඟ බව. අවශ්‍ය කරන දේවල් පිටපත් කරගෙන හිමින් සැරේ තිබුණු තැනින් ම ගෙනිහිල්ලා තියනවා. දවසක නැවත ඒක පරිගණකයකට සම්බන්ධ කළොත් ඔහු පුදුම වෙයි තිබුණු වයිරස් වලට මොකද වුණේ කියලා
මම මේ කරපු වැඩේ හරි ද වැරදි ද ?
save

