පසුගිය මාස තුනටම ලියන්න වුණේ එකම එක ලිපිය යි. උසස් පෙළ ලියලා අවුරුද්දක් ගෙදර ඉඳලා විශ්වවිද්‍යාල ගමනත් එක්ක එක පාරටම කාර්ය බහුල වුණ නිසා මොලේ අවුල් වෙලා. පහුගිය දවස්වල වැඩිපුර නේවාසිකාගාරයේ සිටිය නිසා අන්තර්ජාලයට සම්බන්ධ වනේන ලැබුණේ බොහො ම කලාතුරකින්. කොහොම වුණත් දැන් ගෙදර සිට විශ්වවිද්‍යාලයට යන නිසා තරමක වෙලාවක් ලැබෙනවා. ඒත් සමහර දිනවල ගෙදර එන විට රෑ 11ත් පහුවෙලා. ඒ පසුගිය දිනවල අප පෙන්වූ නාට්‍යවල වැඩකටයුතු රෑවෙන තුරු ම තිබුණු නිසා යි.
ළඟ ඳී පවත්වන්ට යන පුංචි බ්ලොග් මැරතන් එක නම් මරු අදහසක්. මට පහුගිය මැරතන් එකට සහභාගීවෙන්න ලැබුණෙත් නෑනෙ. ඒවෙනකොට මම සිංහල බ්ලොග් ගැන දැනගෙන හිටියෙවත් නෑ.
අවුරුද්දක් ම පැත්තකට දාලා තිබුණු ගිටාරය එළියට ගත්තා. පැත්තකට දාලා තිබුණට ගිටාරයේ හඬට මම හරි ආසයි. ගිටාරය ගැන ඇතිවුණු උනන්දුව නිසා විශ්වවිද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පවත්වන ගිටාර් පන්තියට සම්බන්ධ වුණේ ගිය සතියේ. එතන ක්ලැසිකල් ගිටාර් උගන්නනවා කියලා දැනගත්තා ම පුදුම සතුටක් දැනුනේ. මා ළඟ තියෙන්නේ ක්ලැසිකල් ගිටාරයක්නේ.

