The Pianist – Music was his passion. Survival was his masterpiece

ගිය සතියේ මම, A/L නාට්‍ය හා රංගකලාව ඉගෙන ගත්තු ජයලාල් රෝහණ සර්ගෙ ගෙදර ගිහින් The Pianist චිත්‍රපටිය අරගෙන ආවා. අතිවිශිෂ්ට චිත්‍රපටියක්. ඒ ගැන කියන්න වචන නෑ. ඒක නොබලපු ඇස්දෙකෙන් වැඩක් නෑ. ස්පිල්මාන් (Szpilman)ලෙස රඟපාන රංගන ශිල්පියා ගෙ රඟපෑම විශ්මය ජනකයි. 2002 වසරේ හොඳ ම නළුවා, හොඳ ම අධ්‍යක්ෂණය, හොඳ ම තිර පිටපත සඳහා ඔස්කාර් සම්මාන දිනුවේ මේ චිත්‍රපටය යි. නළුවෙක් කියන්නේ කවුද කියන එක දැන ගන්න ලංකාවෙ සමහර නළු බට්ටන්ට මේ චිත්‍රපටි අතින් වියදම් කරලා පෙන්නන්න වටිනවා. මෙහි බොහොම වටිනා සංගීත ඛණ්ඩ දෙකක් තියෙනවා. එකක් ස්පිල්මාන් සැඟවී සිටිය දී ජර්මන් හමුදා නිලධාරියා හමු වූ විට ස්පිල්මාන් කරන පියානෝ වාදනය . ඔහුගේ මුළු ජීවිතය ම ඒක ඇතුළේ තියෙනවා. අනිත් එක විත්‍රපටියේ අවසානයට තියෙන දීර්ඝ සිම්පනිය. පුළුවන්නම් හොයාගෙන බලන්න. DVD එක ම හොයා ගන්න පුළුවන් වම් හොඳ යි.

http://www.imdb.com/title/tt0253474/
http://www.imdb.com/title/tt0253474/awards
http://en.wikipedia.org/wiki/The_Pianist_%282002_film%29
http://www.thepianistmovie.com/

ප්‍රතිචාර 7

  1. නිදහස් අදහස් said,

    2008 දෙසැම්බර් 6 at ප.ව. 9:48

    ඇත්තටම අති සංවේදි සිනමා සිත්තමක්. ඔයා මේ නව කතාව කියවල තියෙනවද? ඒකත් හරිම ලස්සනයි. නවකතාව කියවල ඉවර වුනාට පස්සෙ තමයි මම හොයාගෙන චිත්‍රපටය බැලුවෙ. පුලුවන් නම් හොයාගෙන බලන්න. ඉන්නෙ ළඟ පාත නම් පොත දෙන්නම්

  2. 2008 දෙසැම්බර් 6 at ප.ව. 9:56

    මම නවකතාව නම් කියවලා නෑ . චිත්‍රපටිය බැලුවට පස්සේ නවකතාවත් බලන්න හිතෙනවා.
    මේක සත්‍ය කතාවක් ස්පිල්මාන් නම් පියානෝ වාදකයා විසින්ම ලියූ කතාවක්.

  3. 2008 දෙසැම්බර් 6 at ප.ව. 10:05

    මමත් මේක කීපවරක් බලල තියෙනවා. නියම චිත්‍රපටියක්. මේ නළුවම ඉන්නවා පීටර් ජැක්සන්ගෙ කිංකොං චිත්‍රපටියෙ. පියානිස්ට් එකේ එයාගෙ රඟපෑම නම් අති විශිෂ්ඨයි. ඒ වගේම රෝමන් පෝලන්ස්කිගේ අධ්‍යක්ෂණය ගැන කියන්න වදන් නෑ. චිත්‍රපටි බලල මේ වගේ වින්දනයක් ලබන්න ආස නම් මම නම් කීපයක් දෙන්නම්.
    මේ ගැන imdb.com වලින් දැනගන්න පුළුවන්නේ ඕන නම්.
    Malena
    The Dreamers
    Betty Blue

  4. සු said,

    2008 දෙසැම්බර් 6 at ප.ව. 11:24

    මා ගාවත් මේක තියෙනව. රෝමන් පොලන්ස්කි ගැන යමක් ලියන්න හිතුණ. පොලන්ස්කි උපදින්නෙ පැරිසියෙදි පෝලන්ත ජාතික යුදෙව් පි‍යෙකුටයි ප්‍රංශ ජාතික මවකටයි දාව..දෙමව්පියොත් එක්ක අවුරුදු 2දි ආපහු පෝලන්තෙට යනව..පොලන්ස්කිට වයස අවුරුදු 7දි ඒ කියන්නෙ 1939දි හිට්ලර්ගෙ නාට්සි හමුදාව පෝලන්තය ආක්‍රමණය කරනව..යුදෙව් සංහාරයේදි මේ අය අරන් ගිය ට්‍රක් රථයෙන් පොලන්ස්කිගෙ අම්ම එයාගෙ එකම දරුව වන ‍පොලන්ස්කිව එළියට විසි කරනව..ජීවිතේ බේරන්න. ඒ අම්ම ආපහු ආවෙ නැහැ.. පොලන්ස්කි අනාථ දරුවෙකු විදිහට ජීවිතය ගැට ගහ ගන්නව..සිනමාකරුවෙකු විදිහට ජීවිතය ජය ගන්නව..

    දැන් පොලන්ස්කිගෙ ඇත්ත කතාවෙයි මේ කතාවෙයි දෙකේම තියෙන සංවේගය ඔබට දැනෙනවද ?

    ජිවිතය සියුම් විදිහට දකින්න සැබෑ ජීවිත අත්දැකීමුත් උපකාරී වෙන්න ඇති.

    පොලන්ස්කි මමත් කැමති විශිෂ්ට නිර්මාණකරුවන්ගෙන් කෙනෙක්..

  5. Tyronne said,

    2008 දෙසැම්බර් 7 at පෙ.ව. 6:31

    pianist is a masterpiece … not just the script but .. sounds.. camera .. light .. etc etc

    More info :
    http://en.wikipedia.org/wiki/Roman_Polanski
    http://en.wikipedia.org/wiki/Wladyslaw_Szpilman

    Cool WWII war movies :
    Saints and Soldiers :http://www.imdb.com/title/tt0373283/
    Schindler’s List : http://www.imdb.com/title/tt0108052/

    -TW

  6. 2008 දෙසැම්බර් 7 at පෙ.ව. 8:05

    මේක මගෙත් ප්‍රියතම චිත්‍රපටයක්

  7. maleemsg said,

    2008 දෙසැම්බර් 7 at ප.ව. 2:52

    මං ලගත් මේ චිත්‍රපටය තියනවා…ඇත්තටම අපූරුයි… අපුරුයි.. අපූරුයි…..

    එච්චරයි!


Post a Comment