මේ දවස්වල බරපතල වැඩකට අතගහල යි ඉන්නේ. මා ලඟ තියෙන සිංදු කන්දරාව පිළිවෙළකට සකස්කරන්න හිතුනා. අවුරුදු ගානක් තිස්සේ එකතු කරපු මේවා දැනට ගායකයාගෙ නමින් සහ ඇල්බම් එකේ නමින් ෆොල්ඩර් බෙදලා විතරයි තියෙන්නේ. ලොකු ම ගැටලුව වෙලා තියෙන්නේ සිංදුවේ නමින් නැතුව වෙනත් නම්වලින් (Track01,Track02 වගේ නම්වලින්) තියෙන ගීත නම් කිරීමයි. සිංදු දාස් ගාණක් එකින් එක අහ අහා නම් කරන එක ලේසි වැඩක් නෙමේ. හැම ගීතයක ම File Name, Title, Album, Artist, Album Art, කියන කොටස් නිවැරදි ව සකස් කරනවා. ගීතවල ගී පද රචකයාගේ නමත් හොයාගන්න පුළුවන් වුණොත් එකත් ඇතුළු කරනවා. සිංහල ගීතවලට ලංකා ගී පොත උදව් කරගන්න පුළුවන් වේවි.
මේවා දැන් වටින්නේ නැති වුණාට තව අවුරුදු කීපයකින් රත්තරං තරම් වටිනවා (ඒවාගේ අගය දන්නා අයට).
ඉස්සර නම් ලැබෙන හැම සිංදුවක් ම හාඩ් එකේ පුරවා ගත්තත් දැන්නම් ඔය අලුත් ගායකයන්ගේ Rap, Rock, Remix, Dj ආදී නම්වලින් හඳුන්වන විකාරයන්ට නිස්කාරනේ ඉඩ නාස්ති කරගන්නේ නෑ. මේ වෙනකං ඉතුරු වෙලා තිබුණු ඒ ජාතියේ ගීත ගිගාබයිට් ගණනාවක් ඊයේ මකා දැම්මා. ඒවා තිබුණට ඇඟේ හැප්පෙන්නේ නැති වුණත් ගෙදරට එන සමහර යාලුවෝ ෆෝන්වලට, පෙන්වලට, සීඩීවලට, දාගෙන යන්න ඉල්ලන කොට බෑ කියන්න බැනේ. අනාගත පරම්පරාවේ මොළ කුරුවල් කිරීමේ පාප කරුමයන්ට මට හවුල් වෙන්න බැරි නිසා යි ඒවා මකලා දැම්මේ.
හැම වෙලාවෙම මේ සියලු ම ගීතවල බැකප් එකක් තියාගෙනයි ඉන්නේ වියදම් බලන්නේ නැතුව ඒකට වෙන ම බැකප් හාඩ් එකක් ගත්තේ මීට පෙර වතාවක් හාඩ් එකකට හානි වෙලා වටිනා පැරණි ගීත විශාල ප්‍රමාණයක් මට අහිමි වූ නිසායි.


malee_msg said,
2008 දෙසැම්බර් 10 at ප.ව. 3:44
ඒක නම් හොද වැඩක්… මම දන්න කෙනෙකුත් ඉන්නවා එයා නම් කෙලින්ම පරිගණකයට සිංදුව දාන කොටම නම්ගම් විස්තර ටික පැහැදිලිව සටහන් කරනවා… ඒ පහසුව දැනෙන්නේ නැවත සිංදුව හොයන්න ගියහමයි.
Charith Weerakkody said,
2008 දෙසැම්බර් 10 at ප.ව. 4:49
මගෙ ගාවත් සිංදු ගොඩක් එකතු වෙලා තියෙනව.ඒවත් වර්ග කරනව කියල හැමදාම හිතනව විතරයි.තාම කරන්න බැරි උනා.මගෙත් එක පාරක් දෘඩ තැටියට හානි වෙච්ච නිසා මාත් දැන් ගීත වල බැකප් එකක් තියා ගෙන ඉන්නෙ.ගීත වර්ගීකරණය කරන්න හැමදාම හිත හිතා හිතියත් තාම බැරි උනා.එක හේතුවක් තමා වෙලාව නැති වීම.අනෙක් එක තමා කම්මැලි කම……:D
මගෙ ගාවත් Rap, Remix, Hip Hop, Rock, DJ ආදී වර්ගවලට අයිති ගීත ගොඩක් තියෙනව.ඒත් මම නම් වැඩියෙන් ආස සිංහල හා දෙමළ ගීත වලට.විශේෂයෙන් A.R.Rahman ගෙ ගීත වලට තමා ගොඩක් කැමති.තේරුම ගොඩක් වෙලාවට නොතේරුනත් ලස්සන ගීත A.R.Rahman නිර්මාණය කරල තියෙනව.
පහන් said,
2008 දෙසැම්බර් 10 at ප.ව. 5:37
ඔය කාර්යය සඳහාම නිමවුනු මෘදුකාංග තියෙනවා. google ට කියල බලන්න.
අරවින්ද said,
2008 දෙසැම්බර් 10 at ප.ව. 7:16
A.R Rahman ගේ ගීත ගොඩක් මා ළඟත් තියනවා.
මේ කාර්යට ඕනෙ කරන Multimedia manager මෘදුකාංග තිබුණත් හැම අතින්ම මගේ උවමානාවන්ට හරියන ඒවා අඩු යි. මම කෝකටත් තව හොයලා බලන්න ඕනේ
පහන් said,
2008 දෙසැම්බර් 10 at ප.ව. 9:27
මගේ ගාව කලකට පෙර නම් ඉතා හොඳ මෙවලමක්. අවාසනාවට මට දැන් ඒකේ නමවත් මතක නෑනේ.
මලින්ත සමරකෝන් said,
2008 දෙසැම්බර් 10 at ප.ව. 9:44
mp3 ගොනුවෙ නිවැරදි ටැග් එක තියෙනවා නම් mp3tag වගේ එකකින් ගොනු නාමය පටස් ගාලා වෙනස් කරන්න පුළුවන්. ඉංග්‍රීසි ඒවයේ ටැග් නැතුව සින්දු තියෙනවා නම් http://musicbrainz.org බලන්න.
manjula dilip kumara said,
2009 ජූලි 13 at පෙ.ව. 10:57
ඉතා හොද වැඩක් කොහොම හරි වේලාව සොයාගෙන මෙම කාර්ය කරන්න ඔබට ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනව ඔයාට පුලුවන්නම් මට ළමා ගීත ටිකක් එවන්න ලොකු උදව්වක් මොකද මගේ දුවට ඒවා අහන්න දෙන්න
ප්‍රතිචාර දක්වද්දි උදව් ඉල්ලීම වැරදි ලෙස දකින්න එපා