විභාගේ විභාගේ විභාගේ !!

විශ්ව විද්‍යාලේ පළමු අර්ධවාර්ෂිකයේ වීභාගය ලබන සතියේ පටන් ගන්නවා. කැම්පස් එකේ හා හා පුරා කියලා ලියන විභාගේ නිසා පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. ඒකට මොක ද පොතක් අතින් අල්ලන්නේ නෑ තාමත්. පහුගිය දවස් වල එසයිමන්ට් කරලා බාගෙට මැරිලා ඉන්නේ. අන්තිමට දුන්න ප්‍රංශ කෙටිකතා ගැන ප්‍රශ්නයට පිළිතුර ලිව්වේ ගිය සතියේ සිකුරාදා. ඒ කියන්නේ පිළිතුරු බාරගන්න අවසාන දවස. එදා උදේ 3ට නැඟිටලා 6 වෙනකොට යාන්තං පිටු 30ක් පනින්න ලියා ගත්තා. කොහොම හරි ඒක නිසා දැන් ගීද මොපසාංගේ බාප්පගේ නම ඇහුවත් කියන්න පුළුවන්.  :-)

ලබන සතියේ විභාගේ පටන්ගන්නේ නාට්‍ය හා රංග කලාවෙන්. ඊ ළඟට Image Arts. ඒ දෙක ම එච්චර ප්‍රශ්නයක් නෑ. ඊ ළඟට සිංහල. ඒකට නං තව ටිකක් මහන්සි වෙන්න වෙයි. ගෙදර හිටියොත් මෙලෝ වැඩක්‍ කෙරෙන්නේ නෑ. ඒ නිසා අද හරි හෙට හරි හොස්ටල් යන්න ඔනෙ. අනික ඉතින් ගෙදර ඉඳන් පාඩම් කරන්න ලියාගත්තු නෝට් ඇත්තෙත් නෑනේ. :-)

ප්‍රතිචාර 6

  1. Nandana said,

    2008 දෙසැම්බර් 15 at ප.ව. 2:48

    මොකද්ද Image Arts කියන්නේ. චිත්‍ර විෂයටද?

  2. 2008 දෙසැම්බර් 15 at ප.ව. 3:26

    නෑ නෑ චිත්‍ර නෙමෙයි
    Image Arts කියන්නේ ප්‍රතිබිම්බ කලා කියන එකයි
    ඒ කියන්නේ ප්‍රතිබිම්බය ඡායාව මුල් කරගත් කලා. තව කිව්වොත් කැමරාව පාවිච්චි කරන කලා.

    ප්‍රතිබිම්බ කලාව යටතේ අපට ඡායාරෑප කලාව, සිනමාව හා රෑපවාහිනී මාධ්‍ය කියන ක්ෂේත්‍ර අධ්‍යයනය කරනවා.
    ලංකාවේ ‍මේ විෂය තියෙන්නේ කැලණියේ විතරයි.

  3. 2008 දෙසැම්බර් 15 at ප.ව. 3:54

    ඔබට ජයක්ම වේවා

  4. maleemsg said,

    2008 දෙසැම්බර් 15 at ප.ව. 8:56

    හොදට මුහුණ දෙන්න…

  5. චමිල said,

    2008 දෙසැම්බර් 15 at ප.ව. 10:33

    හපෝ…. විභාගේ නම් මතක් කරන්න එපා… අපිට තව මාසයක් තියෙනවා… ඒත් මල මගුල් assignment නිසා‍ හෙල්ලෙන්න බැරුව ඉන්නේ…

    හොඳට කරන්න….

  6. 2008 දෙසැම්බර් 16 at පෙ.ව. 1:16

    Image Arts… ආකර්ෂණීය විෂය ක්ෂේත්‍රයක්

    විභාගයට… ඔබට දිරිය!


Post a Comment