
ක්ලැරන්ස් විජේවර්ධන. අනිවාර්යයෙන් ම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉවත් නොවන නමක්. මේ වෙලාවේ ඔහු ගැන කියන්නේ ඔහු අප අතරින් සමුගෙන පසුගිය 13 දාට 12 වසරක් සපිරෙන නිසා ය. ඇයි අපිට ක්ලැරන්ස් වැදගත් . ඔහුගේ සිංදු ලස්සන නිසා පමණද ?
1943 අගෝස්තු 3 දින උපන් ක්ලැරන්ස් අවුරුදු 23 දී සිය වෘත්තීය සංගීත දිවිය අරඹමින් ලාංකීය සංගීතයේ වෙනසකට මුල පිරුවේ ය. ඔහු ලංකාවට ඉලෙක්ට්‍රික් ගිටාරය ගෙන ආවේ ය. ඒ ගැන චෝදනා ආවිට ඔහු එයට පිළිතුරු දුන්නේ ඉලෙක්ට්‍රක් ගිටාරයෙන් බෙර පද වාදනය කර පෙන්වීමෙනි. (‘සුරඟන වෙස්වලා’ වැනි ගීත). ලංකාවේ පළමු වරට ඩ්‍රම් ෆුට් බ්‍රේක්, සංගීතයට යෙදා ගත්තේ ක්ලැරන්ස් ය. ඒ ගමෙන් ලියුමක් ඇවිල්ලා ගීතයට යි. අද ෆුට් බ්‍රේක් එකෙන් කන් අඩි පලන සංගීත මරුවන් මේවා අහලාවත් නැතුව ඇති. ලංකාවේ පළමු කැසට් පටයේ සංගීත අධ්‍යක්ෂවරයා ක්ලැරන්ස් ය (මිල්ටන් මල්ලවාරචිච්ගේ Any Time Anywhere) . ප්‍රථම වතාවට Multi Track Recording ක්‍රමය අරඹමින් සිංග්ලංකා සමාගම පිහිටවූයේ ක්ලැරන්ස් ය.
මීට වසර කීපයකට පෙර ලංකාවේ ක්ලැසිකල් ගිටාර් වාදනය උගන්වන සංගීතඥයින් තම සිසුන්ට පළමු ව කීවේ Hotel California අහලා එන්න යනුවෙනි. අද සමහරු කියන්නේ ක්ලැරන්ස් සිංදුවක් අහලා එන්න කියා ය. ඒ තරමට ක්ලැරන්ස්ගේ ගිටාර් වාදනය සුවිශේෂී ය. සාමාන්‍ය ගිටාර් වාදකයන් නොකරන පරිදි දකුණතේ මාපටැඟිල්ල ඉහලට චලනයෙන් කරන වාදනය ඔහුගේ වේගවත් මියුරු ගිටාර් වාදනයට හේතුවකි.
ක්ලැරන්ස් ගැන බොහෝ දෙවල් කියන්න තිබුණත් ලියන්න විවේකය අඩු නිසා මෙතනින් නවතින්න වෙනවා. ක්ලැරන්ස් ගැන හොයන්න කැමති නම් ඔහු ඇමරිකාවේ දී කළ Clarence Live In Hollywood ප්‍රසංගය බලන්න. DVD හොයා ගන්න පුළුවන් වේවි. 


Nandana said,
2008 දෙසැම්බර් 21 at ප.ව. 9:53
ක්ලැරන්ස් මමත් ආස ගායකයෙක්. ඇත්තට ම ක්ලැරන්ස්ගෙ සිංදුවල වෙනස්ම රහක් තියනවා.
හරේ... said,
2008 දෙසැම්බර් 22 at පෙ.ව. 12:00
ක්ලැරන්ස් කියන්නෙ අපේ රටේ හිටපු නියමම සංගීතවේදියෙක්. එයාගෙ සමහර සින්දු හිතාගන්න බැරි තරම් හැමදාම අළුත්. අනික එයා කරපු සින්දු වලින් අපි අහල තියෙන්නෙත් ටිකයි. තව ගොඩක් තියෙනව අපි නොදන්න.
malee_msg said,
2008 දෙසැම්බර් 22 at පෙ.ව. 9:37
මමත් හරිම ආස ගායකයෙක් … එයා එයාගේ සංගීතයේ අපුරුවට එයාට ආවෙනික එයාගෙම කම අන්තර්ගත කරලා තියනවා…!
dasun sameera said,
2008 දෙසැම්බර් 22 at ප.ව. 2:20
මගේත් අංක 1 සිංහල ගායකයා. ඔහු ලියූ කියූ අප්‍රසිද්ධ ගීත රාශියක් මාසතුයි.
ලියලා ඉර කරන්න බෑ
Champike said,
2008 දෙසැම්බර් 22 at ප.ව. 3:31
probably the “Melody King” of Sri Lanka
sanjeew said,
2008 දෙසැම්බර් 24 at ප.ව. 1:53
මගෙත් ආසම ගායකයා, කලින්ම අප අතරින් වෙන්වීම ගැන හරිම කණගාටුයි