මැරතන් ඉවර වුණාට පස්සේ දැනුයි ඕං ඉස්සෙල්ල ම බ්ලොග් එකක් ලියන්නේ. මේ දවස් වල අපිට කැම්පස් එකේ විභාගේ නේ. හෙට තමා අවසාන ප්‍රශ්න පත්තරේ. අම්මෝ…ඉවර වුණාට පස්සේ පුදුම සහනයක් දැනෙයි.
හැමදා ම බ්ලොග් කියවනයට ඇවිත් බ්ලොග් කියෙව්වට මට බ්ලොග් ලිපියක් ලියන්න හරිම කම්මැලියි. ඒක ලොකු ප්‍රශ්නයක්. ලියන්න තියෙන දේ ගැන ප්‍රශ්නයක් නෑ. ඕනෙ තරං දේවල් තියෙනවා. ඒත් ලියන්න කම්මැලියි. මාර වැඩේ.
මං හිතන්නේ මෙකයි ඒකට හේතුව.මට ලියලා පුරුදු මෙහෙම නෙමේ. පෑනකුයි කොළේකුයි දීලා ලියන්න කිව්වොත් මං කොහෙත් ම ඉගෙනගෙන නැති දෙයක් ගැන වුණත් පිටු ගාණක් ලියන්න මට පුළුවන්. පෑන කොළේට තියෙන කොට වතුර ගලනවා වගේ ලියන්න පුළුවන්. හැබැයි කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා ලියන්න ගත්තොත් අදහස් බ්ලොක් වෙනවා. ඉක්මනට ලිපිය ඉවර කරන්නමයි හිතෙන්නේ. මං මේ වෙනකං ලියපු බ්ලොග් සටහන් වුණත් එච්චර දිග ඒවා නෙමෙයි. කොටින්ම කිව්වොත් මේ ලියන එකත් දැන් ඉවර කරන්නමයි හිතෙන්නේ.


maleemsg said,
2009 ජනවාරි 11 at ප.ව. 9:42
මට නම් ඕකේ අනිත් පැත්ත.. හැබැයි හිටිය ගමන් ලියන්න දේවල් නැතුව හිර වෙනවා තමයි..ඒත් ලියන්න ගත්තම නතර කරගන්න බැහැ නේ.. මලකරදරේ
Keerthi said,
2009 ජනවාරි 11 at ප.ව. 9:49
පිස්සුද මං තරම් කම්මැලියෙක් නෙම් ඔයා. මං තාම ලිව්වෙ තුනයි. මාස තුනකට. හික්. හික්.
අරවින්ද said,
2009 ජනවාරි 11 at ප.ව. 9:50
@මලී
ඒක පේනවා ඔයාගේ බ්ලොග් එක දැක්කම. හික් !
සමීර ශාකුන්තල said,
2009 ජනවාරි 11 at ප.ව. 10:16
මට හිතට එන අදහස් සිංහලෙන් ලියද්දි පොඩි අවුලක් තියෙනව. සිංහල අපට සිංහලෙන් ලියපු දේවල් මාර විධියට හිතට වදිනව. ඒ නිසා බැරි වෙලාවත් නරක වචනයක් ලියවුණොත් විළිලැජ්ජාවේ බෑ.
ඒ නිසා මං වක්කඩ කැඩුවා වගේ ලියන්නෙ කඩ්ඩෙන් ලියනකොට. ඒක මගේ තෙවන බස නේ. මෙන්න මෙතන තියෙනව ඒ ගැන.
http://symblogeek.blogspot.com/
අරවින්ද said,
2009 ජනවාරි 11 at ප.ව. 10:22
කඩ්ඩ තෙවන බස ද ? එතකොට දෙවන බස මොකද්ද හැබෑට
ayesha said,
2009 ජනවාරි 12 at ප.ව. 2:43
සමහර වෙලාවට මටත් ඔහොම වෙනවා ඒත් උත්සහය අත අරින් නෑ.දිගටම ලියනවා.මොනවා හරි දෙයක් ගැන මට ලියන්න හිතුනොත් දිගටම ලියන්නමයි හිතෙන්නේ නතර කලොත් කම්මැලි හිතෙනවා
සමීර ශාකුන්තල said,
2009 ජනවාරි 16 at පෙ.ව. 12:54
දෙවන බස දෙමළ. හැබැයි ඉගෙනගත්තෙ තුන්වෙනියට.
Nalin Eranga said,
2009 ජනවාරි 30 at ප.ව. 12:44
ිිිඅෙඩා් අැත්තටම බ්ෙලාග් ලියන්න කම්මැලි ෙවලා, හැබැයි රෙජා් මට සිහල බසින් ලියන්න දුන්නට ස්තුතියි, ඉස්ෙසල්ලා ෙකාෙළ්ක ලියලා පස්ෙස ලියපන් ුුු