සිරසට ගහලත් සතියක් ගත වුණා. ඒකට සැක පිට UNP නාගරික මන්ත්‍රීවරුන් දෙන්නෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ සිරසට කට උත්තර නැතුව ගියා වගේ. අනේ මන්දා. බ්ලොග් එකක කමෙන්ට් එකකට අර අවුදෝ මන්දා ලියලා තිබුණා සිරසට ගහන්න ඕනේ. හැබැයි ඒ සිරසේ දේශපාලනය නිසා නෙමේ. සිරස කරන සංස්කෘතිය විනාශය නිසා ය කියලා. ඒක නං සහතික ඇත්ත.
සමහරු කියනවා සිරස තමංම ගහගත්තලු. බලා ගෙන ගියහ ම ඒක ඔප්පු කරන්න පුළුවන් සාධක ගොඩක් තියෙනවා.
කියන හැටියට 20 දෙනෙක් විතර පහර දෙන්න ඇවිත් තියෙනවා. හැබෑට ආයුධත් එක්ක 20කට ඩෝල්ෆින් වෑන් එකක එන්න පුළුවන් ද ? පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශක් නිසා මුර කපොලු හැම තැනම. ආයුධත් එක්ක 20 කිටි කිටියේ හිර වෙලා වෑන් එකක එක කොට මුර කපොලුවල අය බලාගෙන ඉන්න ඇති. හික්.
දැං කාලේ පාරේ කඩවලත් ආරක්ෂක කැමරා තියෙද්දී ප්‍රධාන මැදිරි සංකීර්ණයේ ඒවා තිබුණෙ නැත්තෙ ඇයි ?
අනික ප්‍රහාරය දවසේ හොඳටම හානිවෙලා විකාශන කටයුතුවත් කරගන්න බැරුව හිටපු සිරස මෙන්න පහුවදා ඉඳන් වෙනදා වගේ ම වැඩ.
ඒ ගොල්ලෝ කියනවා මැරයෝ ඇවිත් ක්ලේමෝ එකකුත් ගහලා ගිහිල්ල ලු. ඒ කියන්නේ ක්ලේමෝ ගැන දන්නේ නැතුව. ඔවුන් කියන ක්ලේමෝ මයින් (8kg) කියන බෝම්බ වර්ගයෙන් එකක් ගැහුවෝත් මැදිරි සංකීර්ණයේ වහලෙවත් ඉතුරු වෙන එකක් නෑ.
තව කියනවා මැදිරි සංකීර්ණය නවීන ඩිජිටල් තාක්ෂණයට අනුව හැදුවේ මාස හයකට කලින්ලු. ලංකාවේ පළමු ව ඩිජිටල් තාක්ෂණයට ආපු රූපවාහිනී නාළිකාව සිරස. ඒ මීට අවුරුදු කීපයකට කලින්. මාස හයකට කලින් නෙමේ.
පෙර සතියේ සිකුරාදා පෙට්රල් බොම්බ ප්‍රහාරයක් එල්ල වෙලා තියෙද්දිත් ආරක්ෂාවට ඉඳලා තියෙන්නේ දෙන්නයි. අඩුම ගානේ මැරයො ටික පැය බාගයක් තිස්සේ මැදිරි කුඩුකරනකං වත් ආරක්ෂක අංශවල අනිත් අය නෑ.


maleemsg said,
2009 ජනවාරි 11 at ප.ව. 9:44
ඔවා ඔහොම කියන එක හරිද මන්දා… දුක හිතෙන අය ඉන්නවානෙ….
apelogic said,
2009 ජනවාරි 11 at ප.ව. 9:45
අපරාදෙ ක්ලේමො එකක් නොගැහැව්වෙ, පොඩි ආගධයක් හැදෙන්නත් එක්ක.
නිර්නාමික said,
2009 ජනවාරි 11 at ප.ව. 9:46
රජයේ රස පරීක්ෂක කියනවා ක්ලේමෝ බෝම්බයක් තිබුන කියල. ඔයා එයාටත් වැඩිය ඔය ගැන පරීක්ෂන කරාද?
හික්!
අරවින්ද said,
2009 ජනවාරි 11 at ප.ව. 9:50
නෑ රස පරීක්ෂක කියලා තියෙන්නේ තාම පරීක්ෂණ ඉවර නෑ කියලා. පරීක්ෂණය ඉවර නොවී කොහොම ද ක්ලේමෝ එකක් තිබුණු බව කියන්නේ.
නිර්නාමික said,
2009 ජනවාරි 11 at ප.ව. 9:57
එතකොට මේක බොරුද?
http://www.lankaenews.com/Sinhala/news.php?id=7636
බොරුවක් නම් මේ මාධ්‍යයෙන් ලොකු වරදක්නෙ කරල තියෙන්නෙ
apelogic said,
2009 ජනවාරි 11 at ප.ව. 10:13
රස පරීක්ෂකට දෙන්න බැරු උන තීන්දුවක් දුන්නෙ කවුද? අම්මපා මේ පත්තර කාරයො නම් කෙන්දා කන්ද කරන්න උපන් උන්.
ලංකා ඊ නිව්ස් එක කාගෙද කියලා එහෙම් දන්නව ඇතිනෙ.
අරවින්ද said,
2009 ජනවාරි 11 at ප.ව. 10:19
@apelogic
ඒකනම් ඇත්ත. හොරාගෙ අම්මගෙන් පේන අහන්නේ කව්ද
තොරතුරු දෙන කෙනෙකුට මෙච්චර තෑග්ගක් දෙනවා කියන්නේ කවුරුත් තොරතුරු නොදෙන බව දන්න නිසානේ. ගහපු කට්ටියයි ගුටි කාපු අයයි දෙගොල්ලො ම එක් අයෙක් වුණාම ඉතින් කවිද තොරතුරු දෙන්න ඉතුරු වෙන්නේ
apelogic said,
2009 ජනවාරි 11 at ප.ව. 10:22
@ අරවින්ද,
සිරස ට ගහපු එකට අඩන ඩොලර් පඩියෙන් ජීවත් වෙන උන් ටික විතරයි. හරි හමන් කැක්කුමක් තියෙන එකෙක් අර සුනාමියෙන් අවතැන් උන ලමයෙක් හදා ගන්නැත්තෙ ඇයි?
බයිලා!
කුඩු ලාල් said,
2009 ජනවාරි 11 at ප.ව. 10:58
ආන්න, බොස්ට විතරයි ඇත්ත තේරෙන්නේ. සිරස තමන්ටම ගහ ගත්තා. අර ලසන්ත කියන එකා සිය දිවි නසා ගත්තා. චැප්ටර් ක්ලෝස්.
කුඩු ලාල් said,
2009 ජනවාරි 11 at ප.ව. 11:08
ලංකා ඊ නිව්ස් එක කාගෙද කියලා එහෙම් දන්නව ඇතිනෙ.
සෑර්, මං නම් දන්නෙ නෑ. කරුණාකරලා කියලා දෙනවද?
රවින්ද said,
2009 ජනවාරි 11 at ප.ව. 11:39
මේ මැරයොන්ට අර බූතයොන්ට වගේ සියුම් ශරීර මවා ගන්න පුළුවන්ද දන්නෑ. එතකොට නම් එක වෑන් එකේ 20 එන එක අවුලක් නෑනේ… හික්
මාත් දැක්කා සිරස පුරුදු විදිහටව පෝය දවසෙ ඩාන්සින් ස්ටාර් පට්ට කොම්බුව දාලා වීසි කරන ගෑනු නටන හැටි පෙන්නනව. අන්න එවෙලෙට ළඟ පාත හිටියනම් මාත් ගහනට අතට අහුවෙන එකකින්.
රුක්ෂාන් said,
2009 ජනවාරි 11 at ප.ව. 11:43
ඇත්තටම මේ දවස් වල නම් මේ ගැන කතාබහ අඩුයි.
නිර්නාමික said,
2009 ජනවාරි 11 at ප.ව. 11:46
මල්ලි, අකමැතිනම් ඒක නොබල වෙන එකක් බලන එකනෙ තියෙන්නෙ. බලන්න කැමති අය ඉන්න නිසානෙ පෙන්නන්නෙ. ඔයා අකමැති හැම දේටම අතට අහුවෙන එකකින් ගහනවද?
හික්!
මහසෙන් said,
2009 ජනවාරි 12 at පෙ.ව. 1:42
මම මේ වෙන තැනක ලියපු එකක් මයි මෙතනත් අලවන්නේ; අදාලයි කියලා හිතෙන නිසා;
සිරස ලංකාවට තුප්පහි මාධ්‍ය සංස්කෘතියක් ගෙනාවා කියන කතාව හරි. හැබැයි සිරස ලන්කාවේ මිනිස්සුන්ගේ කලා රසය පහළ මට්ටමකට ඇදලා දැම්මා ද, නැත්තම් පහළ කලා රසයක් තිබුන අය වෙනුවෙන් වැඩ සටහන් ඉදිරිපත් කරාද?
සිරස පිටිපස්සෙන් ගිය සමහර මාධ්‍ය ආයතන සිරසට වඩා පහත් මට්ටමකට වැටුණා නේද? උදාහරණය රජ එෆ් එම් කියලා අර කුණුහරුප කථා හද හද කියපු රේඩියෝ චැනල් එක.
ඒකට මිනිස්සු ගැහුවේ නෑ නේ? ඒක ආණ්ඩුවෙන් තහනම් කරා. ඒක තහනම් කරාට මිනිස්සු ආණ්ඩුවට බැන්නෙත් නෑ.
සිරසේ දාන දෙකයි පනහේ ඉන්දියානු වැඩසටහන් වලට ආණ්ඩුවෙන් බද්දක් දෑම්මා. මම දැනුවත්වම මිනිස්සු ඒකට ආණ්ඩුවට බැන්නා.
මට නම් හිතෙන්නේ සිරස කරන්නේ ලංකාවේ තියෙන පහත් කලා රසයකට උවමනා වැඩ සටහන් විකාශනය කරණ එක මිසක් අලුතින් පහත් කලා රසයක් ඇති කරණ එක නෙවෙයි.
එහෙම නම් ප්‍රශ්ණේ තියෙන්නේ ලංකාවේ පාසල් වල. ළමයින්ට හොඳ කලා රසයක් ඇති කරන එක වෙන්න ඕනේ පාසැලෙන්.
උගුරට හොරා බෙහෙත් කන්න හැදුවේ නැත්තම්, අපිට ප්‍රශ්ණේ තියෙන්නේ සිරසේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය. සිරස ඇත්තටම කොටින්ට කඩේ යනවා. හැබැයි සිරස සහ කොටි අපිට කෙලින්ම සම්බන්ධ කර ගන්ට විදිහක් නෑ නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්ට.
මේ හේතුවට සිරසට ගැහුවා නම් වික්‍රමබාහු කරුණාරත්නට මොනවද කරන්න ඕනේ? ඒ වගේ තව කොච්චර ඉන්නවාද කෙලින්ම කොටින්ට කඩේ යන?
ඒ හැම එකාටම මිනිස්සු ගහන්න ගත්තොත් නීතියට මොකද වෙන්නේ? අපි කොතනින්ද ඉරක් අන්දින්නේ මේ මනුස්සයට ගහන එක සාධාරණයි මේ මනුස්සයට ගහන එක අසාධාරණයි කියලා?
ආත්මාරක්ෂාව කියන්නේ තමන්ව මරණ්න හදන මොහොතේ බේරෙන එක. අපිව මරණ්න පිඹුරු පත් හදනවා කියලා හිතුන පලියට අපිට ගිහින් කෙනෙකුට ගහන්න බෑ නීතියක් තියෙන රටක. අවනීතිය තියෙන කොටි අඩවියේ එහෙම වෙනවා ඇති. ඒත් උනුයි අපියි වෙනස් වෙන්නේ ඒකෙන්. අපි අකමැති දෙයක් කරපු කියපු පමණින් අපිට කාටවත් ගහන්න අයිතියක් නෑ. නීතියෙන් ගන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් විතරයි අපිට ගන්න පුලුවන්.
නීතියෙන් පිට එක දෙයක් සාධාරණීකරනය කරොත් අපිට වෙන කෙනෙක් කරණ නීති විරෝධී වැඩකට විරුද්ධ වෙන්න අයිතියක් නැති වෙනවා.
එහෙම නම් නීතිය පැත්තකින් තියලා හැමෝම අවි ආයුද අරගෙන තම තමන්ගේ ආරක්ෂාව සපය ගන්න ඕනේ. එහෙම උනොත් මුලින්ම මැරුම් කන්නේ අපි. මොකද අපි තමයි මේ රටේ ඉන්න අවි බලය අඩුම, ආරක්ෂාව අඩුම කණ්ඩායම – සාමාන්‍ය මිනිස්සු.
ඒක නිසයි මම කියන්නේ නීතියට පිටින් වෙන දෙයක් අපි අනුමත කරන එක වැරදී, ඒක අපේ ආරක්ෂාවටමයි අන්තිමට බලපාන්නේ.
සිරසට ආණ්ඩු පක්ෂෙ ඉන්න හාල්පාරුවො ටිකක් ගිහින් ගැහුවා වෙන්ටත් පුලුවන් යූ ඇන් පි හාල්පාරුවො ගැහුවා වෙන්ටත් පුලුවන්. උන්ම ගහ ගත්තා වෙන්නත් පුලුවන්. අපි නෙවෙයි නම් ගැහුවේ, ගහපු එකා දැක්කෙත් නැත්තම්, කොහොමද කියන්නේ?
දේවින්ද said,
2009 ජනවාරි 12 at පෙ.ව. 7:52
ඔබට අනුව සිරසට ගසා ඇත්තේ ජනතාවය. අරවින්දට අනුව සිරස තමන්ටම ගසා ගෙන තිබේ. මෙහි පරස්පරයක් ඇත.
ඔබ අරවින්දගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් දම්යි. නමුත් මොනම අවස්ථාවකවත් ඔබ ඔහුට වැරදී ඇති බව පෙන්නා දෙන්නේ නැත. ‘මිත්‍රයා, සිරස තමන්ටම ගහ ගත්තා නෙවෙයි, සිරසට ගැහුවේ ජනතාව’ කියා ඔබ ඔහුට පහදා නොදෙන්නේ ඇයි?
දේවින්ද said,
2009 ජනවාරි 12 at පෙ.ව. 7:53
ඉහත කමෙන්ට් Ape Logic එක වෙතය. නම සඳහන් කිරීමට නොහැකි වීම ගැන කමන්න.
අරවින්ද said,
2009 ජනවාරි 12 at ප.ව. 1:08
සිරසට ගැහුවේ කවුරුද යන්න ඵලය ලෙස ගත් විට කොහෙත් ම අදාළ නැත. අදාළ වන්නේ සිරසට ගැසිය යුතු ද යන්න හා සිරසට ගැසිය යුත්තේ ඇයි ද යන්න පමණි.
සිරස තමන්ට ම ගහගත්තා විය හැකි ය. ජනතාව ගැහුවා විය හැකි ය. අණ්ඩුව ගැහුවා විය හැකි ය. (මෙයින් දෙවැන්න කිසිසේත් සිදු නොවන්නකි)
සිරසට ගැසිය යුත්තේ දේශපාලනික පදනමෙන් පක්ෂපාතී වීම නිසා නම් සියලු රූපවාහිනී නාළිකාවලට ගිනි තැබිය යුතු ය. සිරසට ගැසිය යුත්තේ ඇයි ද යන්න මගේ බ්ලොග් එකේ පවසා ඇත.
මේ ගැසීම මම මැරයින්ගේ භෞතික පහර දීමක් විය යුතු ම යැයි නොකියම්. කෙසේ හෝ සිරසට පහර දිය යුතු ය. නැති කළ යුතු ය.
මා මගේ බ්ලොග් එසේ පැවසුවේ සැක සිතෙන දේය. පොල්ලෙන් ගහන්නා සේ නිසැක ව ම ඒවා නිවැරදියැ යි මම නොකියම්. සම්පූර්ණ සිද්ධීය දෙස බලන විට කුමක් හෝ පරහක් තිබෙන බව මට සිතුණු බැවිනි. පරහට හේතු මා එම ලිපියේ දක්වා ඇත.
දේවින්ද said,
2009 ජනවාරි 12 at ප.ව. 3:09
@අරවින්ද,
ඔබ කියන හැටියට;
1. සිරසට ගැසීම හොඳය.
2. සිරසට ගසා ඇත්තේ සිරසමය.
එනිසා (1) හා (2) අනුව සිරස කර ඇත්තේ හොඳ වැඩකි.
හරිද?
පලි. ඔබ විශ්ව විද්‍යාලයේ හදාරන්නේ විද්‍යා විෂයන්ද, කලා විෂයන්ද?
අරවින්ද said,
2009 ජනවාරි 12 at ප.ව. 3:56
මම නැවතත් කියමි. සිරසට ගැහුවේ කවුරුන් ද යන්න කොහෙත් ම අදාළ නැත.
සිරස ගැහීම හොඳ නැත. එහෙත් එයින් සිරසට ගැසි ය යුතු නැත යන්නක් නොකියැවේ.
මා විශ්වවිද්‍යාලයේ හදාරන්නේ කලා විෂය ධාරාවන් ය.
දේවින්ද said,
2009 ජනවාරි 12 at ප.ව. 5:15
දැන ගත්තු එක හොඳයි. විද්‍යා විෂයයන් ඉගෙන ගෙන තිබුනනම් ඔබ මෙවැනි අතාර්කික ප්‍රකාශ කරතැයි සිතනු අසීරුයි.
අරවින්ද said,
2009 ජනවාරි 12 at ප.ව. 5:28
මගේ අතාර්කික බව ඔබගේ තර්ක ඥානයෙන් ඔප්පු කළොත් නරක ද?
අරවින්ද said,
2009 ජනවාරි 12 at ප.ව. 5:30
ස්වාභාවික විද්‍යාවන්ගේ සනාථන උපක්‍රම මගින් සමාජීය විද්‍යාවන් සනාථ කළ නොහැකි බව ඔබ දන්නේ නැති ද ?
දේවින්ද said,
2009 ජනවාරි 12 at ප.ව. 6:19
අපොයි හරි ලේසි වැඩක්නෙ.
මෙන්න ඔබේ කියමන: සිරසට ගැහීම හොඳ නැත. එහෙත් එයින් සිරසට ගැසිය යුතු නැත යන්නක් නොකියැවේ.
මේ ගංජාකාරයකු වත් නොකියන ab ආකාරයේ පරස්පරයකි.
ඊළඟට සිරසට ගැසුවේ කවුද යන්න නොවැදගත් බව ඔබ කියයි. එහෙනම් මේ පෝස්ට් එකේ පලමු පරිච්ඡෙදය හැර අනෙක්වා ලියැවෙන්නේ ඇයි? වරද සිරස මත පැටවීමට ඔබ ඔය තරම් දඟලන්නේ ඇයි?
දේවින්ද said,
2009 ජනවාරි 12 at ප.ව. 6:20
There is a problem writing my statement.
it should read “a>b but that does not mean a<b”
අරවින්ද said,
2009 ජනවාරි 12 at ප.ව. 7:33
මම කියූ පරිදි ම ඔබ ස්වාභාවික විද්‍යාවන්ගේ තර්කයෙන් මෙය ඔප්පු කිරීමට තැත් කරයි. සමාජීය විෂය ක්ෂේත්‍රයන්හි එන වදන් සාධනය කළ හැකි සෘජු අරුත් දෙන වදන් නොවේ. ඒ නිසා වදනේ අරුතේ එල්ලී තර්ක කිරීමේ දී පරිස්සම් විය යුතු ය.
මේ කියමන පරස්පරයක් වන්නේ කෙසේ ද?
සිරසට ගැසීම හොඳ යැයි මා කියූ බව පැවසුවේ ඔබ යි. මා කිසි විටෙක එලෙස නොපැවසුවෙමි. මා කීවේ සිරසට ගැසිය යුතු බව පමණි. ( මේ ගැහිල්ල කුමනා කාරයේ ගැහිල්ලක් ද යන්න මම පෙර පැවසුවෙමි) එහි හොඳ ද නරක ද යන්න මට අදාළ නැත.
මේ නිසා “හොඳ” යන්නත් “කළ යුතු ය” යන්නත් එක ම සංකල්පයක් නොව සංකල්ප දෙකකි.
Hiru said,
2009 ජනවාරි 12 at ප.ව. 9:47
@දේවින්ද
“විද්‍යා විෂයයන් ඉගෙන ගෙන තිබුනනම් ඔබ මෙවැනි අතාර්කික ප්‍රකාශ කරතැයි සිතනු අසීරුයි”
ඒක මහ පුදුම කතාවක්නේ. එතකොට විද්‍ය විෂය ඉගෙන ගත්තු අය විතරද තර්ක කරන්න දන්නේ.
ඒ විතරද. දන්නව ද, තර්ක ශාස්ත්‍රය කලා විෂයක්
නිලන්ත said,
2009 ජනවාරි 13 at ප.ව. 12:18
මචංලා, සිරසට මොකා ගැහුවත්, මොන හේතුවකටද ගැහුවෙ කියන එකයි වැදගත්. අඩු ගානේ අර ඉස්සර කට්ටියක් කලා වගෙ අපි ගැහුවෙ මේකයි කියල බෝඩ් කෑල්ලක් වත් දාල යන්න වටිනවනෙ. නැත්තං අහක ඉන්න මේකට අදාල නැති පෙරවැරදි තියෙන අහිංසක මැරයොත් අහුවෙනව.උං පවුනෙ මචං.
කොහොමහරි සිරසෙන් ලංකාවට කරපු විනාසෙටනං උන්ට ගහල මදි. අර කවුද නැන්ද කෙනෙක් කරන්න හැදුව වගේ ගෝල්පේස් එකට ගෙනල්ල එල්ලන්න ඕනි.
උන්ගෙ තරු තෝරන තරඟයි, ඉංදියාවෙ මළඉලවු මෙගා ටෙලිනාට්‍යයි දැන් හැම චැනල් එකකටම බෝ වෙලා. ඒ මදිවට ඕකුං LTTE එකටත් කඞේ යනවා.
අපේ හමුදාවෙ කොල්ලො අරෙහෙ මැරීගෙන රට රකිනව. මෙහෙ අවුරුදු 30-40 තිස්සෙ මිනිස්සුන්ගෙ හිත්වල රැඳිල තියෙන, අනුන්ගෙ සිංදු කියලා TV චැනල් වලින්, පෝස්ටර් කටවුට් ගහල පුම්බපු තරුවක් උං උංම පෙරහරේ අරං යනව බලන්න අපේ එවුන් දඟලන හැටි දෑක්කම, අනේ අම්මප ඕවා මෙහාට ගෙනාපු සිරස කාරයගෙ…………………….
Nalin said,
2009 ජනවාරි 28 at පෙ.ව. 10:08
Macho umbe thrkaya Sadarana wenne Heta Anidda Airtel head office eka Sirasa Depanama Heduwata passe, Maharaja N Airtel deal eka gena umba hoyala balapan, Normally ape maha gegara wikunanawa kiyala ratatama andabera gahanne ne, Mokada kalak hitapu Mahagedara vikunanna lejja nisa. Sirasa kaleth E lejjawa ginithiyala wahagaththa eka ok??
දර්ශන said,
2009 මාර්තු 1 at ප.ව. 12:14
බලාගෙන යනතොට ලංකාවේ රහස් පරීක්ෂකයන්ටත් හොද අනාගතයක් තියෙයිනෙ! හොද වැඩක්
සුනෙත් said,
2009 මැයි 25 at ප.ව. 8:50
මාත් එහෙම හිතනවා ඒත් පව් වැඩේ~` lol
Chrishan said,
2009 ජූලි 13 at ප.ව. 12:18
කැලණියේ ප්‍රදේශීය සභා සභාපති පිලිගෙන තියනවා ආචාර්ය දුටුගැමුණු එක්ක ගිහින් සිරසට ගැහුවේ එගොල්ලො කියලා කැලණියෙ කාගෙන් හරි ඇහුවොත් කියයි ඕකේ ඇත්ත නැත්ත.