මේ ළඟ දී මම ජනෙල් දෙකකින් පැන්නා නේ. එක ජනේලයක් බිල් මහත්තයාගේ ජනේලේ. අනිත් එක අපේ කැම්පස් එකේ නාට්‍යයක්. ඒකේ නම තමයි “ජනේලෙන් පනින්න ද”. නාට්‍ය ගැන පස්සේ කියන්නම්. බිල් මහත්තයගේ ජනේලේ කිව්වේ ඉතිං මං මේචිචර කල් පාවිච්චි කළ Windows Xp නේ. වින්ඩෝස්වල හොර කොපි ප්‍රශ්නයි, වෛරස් ප්‍රශ්නයි, තව කෙළවරක් නැති විවිධාකාර ප්‍රශ්නයි හින්දා මම උබුන්ටුවලට ආවා. ඇත්තටම නං ලිනක්ස්වලට එන්න ප්‍රධාන ම හේතුව ඒක නෙමේ. එකක් තමයි වෙනසකට තියන කැමැත්ත. අනිත් එක ඉතිං දැං කාලේ ලිනක්ස් කියන්නෙත් රැල්ලක්නේ.
මම උබුන්ටු ඉස්සෙල්ලා ම අත්හදා බැලුවේ 2007. AL ලියලා ගෙදර ඉන්න කාලේ. එතකොට මට අන්තර්ජාල සබඳතාවක්වත් නෑ. යාළුවෙක් ගාව තිබුණා උබුන්ටු CD එකක්. (මතක හැටියට 6.10) මේ මොකද්ද කියලා ඇහුවහම ඌ කිව්වා මචං ඕක වින්ඩොස් එක්ස් පී වගේ එකක්ලු මමත් එච්චර දන්නේ නෑ, දාලා බැලුවේත් නෑ කියලා. ඉන්ඩ බැරි අමාරුවට මමත් ඕක ඉල්ලං ඇවිත් වින්ඩොස්වල ඉඳගෙන ම CD එක දැම්මා. Autorun එකක් ආවා. Ubuntu Install කරන්න ඕනෙද ඇහුවා. මම හා කිව්වා. කොම්පියුටරේ Restart උනා. උබුන්ටු ලෝඩ් උනා. මම සීතල උනා. මම දන්නේ නෑනේ Live CD ගැන. මම හිතුවේ ඒ ඩිංගට උබුන්ටු ඉන්ස්ටෝල් උනා කියලා. කොහෙට ද ඉන්ස්ටෝල් උනේ, කොහෙම ද ඉන්ස්ටෝල් උනේ, XP Partition එකට මොනවද උනේ කිසි ම දෙයක් දන්නේ නෑ. කොහොම හරි ටික වෙලාවකට පස්සේ තේරුණා සිද්ධිය. ඉතිං ටික දවසකට පස්සේ මම උබුන්ටු ස්ථාපනය කළා. ඒත් වෙච්ච මොකක් හරි අවුලක් නිසා NTFS Partitions එකක්වත් Mount කරන්න බෑ. උපදෙසක් ගන්න කෙනෙක්වත් නෑ. ටික දවසක් බලලා උබුන්ටු අයින් කළා. ඊට ටික කාලෙකට පස්සේ අන්තර්ජාල සබඳතාව ගත්තා. ආයෙත් උබුන්ටු දැම්මා. ඒ පාර මොඩම් එක උබුන්ටුවලින් හඳුනගත්තේ නෑ. මම ඒ දවස්වල ubudsl ගැන දැනගෙන හිටියේ නෑ. සිංදුවක්වත් Play කරන්න බෑ. ආයෙම උබුන්ටු අයින් කළා. දැනට මාස 5කට විතර කලින් ආයෙත් උබුන්ටු දැම්මා. හැබැයි දැම්මේ Ubuntu Ultimate. ඒකට Internet ඕනේ නෑ. NonFree Codecs, ඕනෙ කරන මෘදුකාංග ඔක්කොම ඒකේ තියනවා. මම මේක දැම්මේ වින්ඩොස් මත ඉඳගෙන ම යි. Wubi Ubuntu Installer එක මගින්. ubudsl දැම්මහම මගේ මොඩම් එකත් වැඩ. හැබැයි නිතරම උබුන්ටු ලෙඩ දෙන්න ගත්තා. Stable නෑ. ඒ නිසා වැඩි පුර හිටියේ වින්ඩොස්වල ම තමා. උබුන්ටු ලෙඩ දෙන්න හේතුව ඒක වින්ඩෝස් මාර්ගයෙන් ස්ථාපනය කිරීම. නිතරම Crash වෙනවා. සමහර කොටස් වැඩ කරන්නේ නෑ. සමහර වෙලාවට බූට් වෙන්නෙවත් නෑ. ඉතිං මේ ලෙඩත් එක්ක වැඩ කරන්න බැරි නිසා. ජයග්‍රාහී තුන්වන වතාවටත් උබුන්ටු අයින් කළා. හැබැයි අයින් කරපු ගමන් ම ආපහු දැම්මා. 15GB ext3 Partition එකක් හදලා ආයේ අයින් නොකරන්න ම හිතාගෙන උබුන්ටු 9.4 දැම්මා. දැන් ඉතිං වින්ඩොස් කැලේ. දවසේ වැඩි හරියක් ඉන්නේ උබුන්ටුවල ම තමා.
හැබැයි දැන් මේ ලිපිය ලියන්නේ වින්ඩෝස්වලින්.
උබුන්ටු දැම්මට මොකද වින්ඩොස්වලින් Download වෙන්න දාපු පත Film දෙක තුනක් තියනවා. මම දවස ම උබුන්ටුවල ඉන්නකොට ඒවා ඩවුන්ලෝඩ් වෙන්නේ කොහොම ද. ඉතිං ඉඳලා හිටලා වින්ඩෝස් පැත්තේ ඇවිත් ඒවා ඩවුන්ලෝඩ් වෙන්න දෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ Ben Hur විතරයි. ඒක ඩවුන්ලෝඩ් වෙන අතරේ තමයි මේ ලියන්නේ. මේක හෙන පරණ චිත්‍රපටියක්. 1959 !!!. මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාම ගේට්ටු මහත්තයගේ ජනේලෙ වහලම දාන්න උනත් පුළුවන්. (වහලම දාන්න නං කල්පනාවක් නෑ)
ලිනක්ස්වලට තියන ගැටලුවක්ලුනේ ඔය වින්ඩෝස්වලට තියන මෘදුකාංග වලට විකල්ප නැති වීම. හැබැයි මට නම් මේක ගැටලුවක් උනේ නෑ. මට ඕනේ කරන හැම මෘදුකාංගයකටම හැම අතින්ම ගැලපෙන, සමහර විට ඊටත් වඩා හොඳ මෘදුකාංග උබුන්ටුවලට තියනවා. කිසිම Driver එකක් නැතුව මගේ සියලුම Hardwares උබුන්ටු හඳුනගත්තා. (ඒකට වින්ඩොස්) මම බයේ හිටියේ මගේ Hp Printer එකයි Bluetooth ඩොංගලේ ගැනයි. වින්ඩොස්වලදීත් මේ දෙකේ Drivers/Softwares ලෙඩ දෙනවා. මේ දෙකම උබුන්ටුවලදී හයි කරපු ගමං හොඳට වැඩ. දැනට විකල්පයක් හම්බ නොවුනේ Nokia PC Suite එකට තමයි. හැබැයි වින්ඩෝස්වලදී උනත් මම ඒකෙන් එච්චර ප්‍රයොජනයක් ගත්තේ නෑ. Phone එකෙන් Data Storage Mode තේරුවහම හොඳටම ඇති. සාමාත්‍ය USB Pen එකක් වගේ Phone Memory සහ Memory Card එක පෙන්නනවා. Photoshop වෙනුවට උබුන්ටු වලට තියෙන්නේ The GIMP. මම ඉතිං Photos Edit කරනවා කියලා කරන්නේ මම ගන්න ඡායාරූපවල Color හදන එකයි ඕනෙ නම් Crop කරන එකයි විතරයි. ඒකට GIMP හොඳටම ඇති.
උබුන්ටුවල මම දැක්ක තව හොඳ කීපයක් තියනවා. එකක් වෛරස් ගැන බය වෙන්න ඕනෙ නැති වීම. වින්ඩොස්වල ඉන්න කොට අපි කොච්චර බයෙන්ද ඉන්නේ. වෛරස්ගාඩ් දාගෙන ෆයර්වොල් දාගෙන ඒවට රැම් එකෙන් බාගයක් දන් දීල ඒ ඔක්කොම තියෙද්දිත් වෛරස් එනකොට යකා නගිනවා. ලිනක්ස්වලට ඉතිං ඔය කරදර නෑනේ.
අනික උබුන්ටු මගේ පරිගණකයේ සම්පත් පාවිච්චි කරන්නේ හරි අඩුවෙන්. වින්ඩෝස්වලදී නම් මෙහෙයුම් පද්ධතිය දාලා ඕනෙ කරන ඔක්කොම මෘදුකාංග දාලා ඉවර වෙනකොට හාඩ් එකෙන් 20 GB ඉක්මවා පිරෙනවා. හැබැයි උබුන්ටුවලට ඕනෙ කරන ඔක්කොම මෘදුකාංග දාලා තව වැඩකට නැති සුකුරුත්නං softwares ගොඩකුත් දැම්ම්ට පස්සෙත් ඒ ඔක්කොටම වැයවෙලා තියෙන්නේ 5.5GB විතරයි !.
වින්ඩෝස්වල ඉන්න කොට නිතරවෙන දෙයක් තමයි හාඩ් එකේ රතු ලයිට් එක තොරණ වගේ කෙළවරක් නැතුව පත්තු වීම. අතික රැම් එක ගොඩක් පාවිච්චි කිරීම. මේ නිසා මම වින්ඩෝස්වල ඉන්න කොට පැයකට සැරයක්වත් Task Manager පැත්තේ ගිහින් රැම් එකට හෝ හාඩ් එකට අරක්ගෙන ඉන්න මොකක් හරි වදකාර Process එකක් End කරන්න වෙනවා. ඒකට උබුන්ටුවලදී . හාඩ් විස්ක් බල්බ් එක පත්තු වෙන්නේ බොහොම කලාතුරකින්. Firefox, Thunderbird එක්ක Virtual Box වල වෙන OS එකක් Run කළත් ගින්දර වගේ වේගවත්.
ඔන්න ඉතිං Ben Hur ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙන්න ළඟයි. ඒ කියන්නේ. මේ ලිපිය ඉවර කරන්න වෙනවා. බිල් මහත්තයගේ ජනේලෙට බායි කියන්න වෙනවා.
. තව ලියන්න දේවල් තියනවා මං පැන්න අනිත් ජනේලේ ගැන (අර නාට්‍යය), මේ සමාසිකයේ එසයිමන්ට් ගැන….. තව ගොඩක් දෙවල්. කොහෙද…මේ Film එක ඉක්මනට ඩවුන්ලෝඩ් උනානේ.


ගයාන් තාරක said,
2009 ජූලි 24 at ප.ව. 9:13
නියම ලිපියක්.
ප්‍රොසෙසර්, හාඩ් ඩිස්ක් වලට වැඩ අඩුකරල ඒවටත් විවේක ගන්න දීල තියෙනව වගේ.
“ඒකට GIPM හොඳටම ඇති.”
ඉක්මණට ටයිප් කරපු නිසා වෙන්න ඇති.
අපරාදේ ඉක්මණට ඩවුන්ලෝඩ් උනේ. නැතිනම් තව ලියනවනේ.
අරවින්ද said,
2009 ජූලි 24 at ප.ව. 9:29
“//“ඒකට GIPM හොඳටම ඇති.”
ඉක්මණට ටයිප් කරපු නිසා වෙන්න ඇති.//”
හික් !! GIPM නෙමෙයි හරිද GIMP. ඔන්න ඒක නිවැරදි කළා
Prabath said,
2009 ජූලි 24 at ප.ව. 10:17
දැන් දැන් මටත් උබුන්ටු දාන්න හිතයි……….
පොතේ ගුරා said,
2009 ජූලි 24 at ප.ව. 10:18
‘ලංකාවෙ අපිට නම් හොර කොපි තමයි’ කියල මම නම් තාම ජනේල් වල ඉන්නෙ..හැබැයි උබුන්ටු අලුත් වර්ශන් එක ආව දවසෙම බෑව..එච්චරයි!
පිටස්තරයා said,
2009 ජූලි 24 at ප.ව. 10:31
එළ…
Torrents share කරන්න විදියක් තියෙනවා. මම උබුන්ටු වල භාවිතා කරන්නේ Vuze (ඉස්සර azuras). මෙතන වැඩේ තියෙන්නේ download වෙන තැන එකම තැන දෙන එක.
ඒ කියන්නේ ඔයා windows(හෝ වෙනත් OS එකකදි) වලදි torrent එක download වෙන්න දැම්මේ D:\Downloads\ වලටනම් උබුන්ටු වලදි Vuze වලට අර torrent එකම add කරලා ඒ path එකම, ඒ කියන්නේ /media/D/Downloads දෙන්න. එතකොට ඉබේම check කරලා download කරනවා.
ඒත් ඉතින් දැන් download වෙලා ඉවර නිසා අවුලක් නෑ
හසී said,
2009 ජූලි 24 at ප.ව. 11:09
වැදගත් ලිපියක්.මම හිතනවා ubuntu වලට යන්න ටිකක් බය අයට මේක හොද තල්ලුවක් වෙයි කියලා.
චමි.දේ.වා. said,
2009 ජූලි 24 at ප.ව. 11:56
කවුරුත් කියන ඔය අටමගලෙට මටත් යන්න හිතයි.ඕකේ AutoCAD වැඩ කරනවද?
ගයාන් තාරක said,
2009 ජූලි 25 at පෙ.ව. 8:37
qCAD කියල එකක් තියෙනව මම ෆෙඩෝරා වලට install කරා එකපාරක්.
AutoCAD ඕනම නං වයින් වල දාල බලල මම කියන්නම්කෝ
මාධව රංග said,
2009 ජූලි 25 at පෙ.ව. 8:29
මමත් උබුන්ටු දාල තියෙනව, ඒත් අයින් කලා, මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ එක උබුන්ටු වලට ADSL modem එක configure කරගන්න බැරි එක. මේකෙන් ඒකට උදව්වක් ලැබුන කියල හිතනව. ඒකට ස්තුතිය.
උබුන්ටු වලදි, Windows උඩ වැඩ කරන මෘදුකාංග පාවිච්චි කරන්න ඕනෙ නම් Wine HQ දාගන්න. ඒක හරියට JVM එක වගේ අර මෘදුකාංග වලට Windows Virtual Machine එකක් හදල දෙනව. කිසිම අවුලක් නැතුව ඕනෙම exe එකක් රන් කරන්න පුලුවන්.
ගයාන් තාරක said,
2009 ජූලි 25 at පෙ.ව. 8:32
@මාධව රංග
මම හිතන්නේ ඔයාගෙත් ZTE වෙන්න ඇති.
මෙතනට ගිහිල්ල බලන්න.
http://www.ubudsl.com/en/start.php
කරන විදිය මෙතන තියෙනවා
http://www.ubudsl.com/en/instruction.php
රවින්ද said,
2009 ජූලි 25 at ප.ව. 5:24
torrent වරු ගානක් බානවට වඩා ලේසියි මම හිතන්නෙ imageshack. මැෂින් එක on එකේ තියන්න ඕනෙත් නෑ. 1Mbps එකක නම් විනාඩි 40 කින් විතර ෆිල්ම් එක බාගන්න පුළුවන්.
ලිනක්ස් වල wine මත මෘදුකාංග ස්ථාපනය එච්චර සාර්ථක නෑ මම හිතන්නෙ. මොකද එහෙම වැඩකරන ඒව එච්චර stable නෑ. ගොඩක්ම මෘදුකාංග වලට linux ආදේශක තියනව ඒව හොයාගැනීම තමයි හොඳම වැඩේ.
දැන් ගොඩක් අය උබුන්ටු වලට මාරු වෙනව වගේ. අන්තර්ජාලය නැති අය මතක ඇතුව super ubuntu එක ස්ථාපනය කරන්න. එතකොට multimedia codecs , flash player වගේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ.
තාරක වීරසේකර said,
2009 ජූලි 27 at පෙ.ව. 10:10
නියමයි! තව ලියන්න.
දසුන්ප්‍රිය අනුරාධ said,
2009 අගෝස්තු 14 at ප.ව. 12:02
උබුන්ටු හා අනිකුත් GNU/Linux ප්‍රභේධ වල මෘදුකාංග ලක්සයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා (මේ ඔක්කොම පාවිච්චි කරන්න බෑ)..
. ඉස්සර කාලයේ වගේ නෙමේ දැන් නිදහස් හා විවෘත්ත මෘදුකාංග පාවිච්චිය හරිම පහසුයි. අනික හතේ කරදරයක් නැතුව පරිඝණකයක් පාවිච්චි කරන්න ලැබීමම කොව්වර ලොකු දෙයක්ද?
මම ඒකයි ලිනක්ස් පාවිච්චි කරන්නේ.
Appetime said,
2009 අගෝස්තු 30 at ප.ව. 4:01
උබුන්ටු හා අනිකුත් GNU/Linux ප්‍රභේධ වල මෘදුකාංග ලක්සයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා (මේ ඔක්කොම පාවිච්චි කරන්න බෑ)..
. ඉස්සර කාලයේ වගේ නෙමේ දැන් නිදහස් හා විවෘත්ත මෘදුකාංග පාවිච්චිය හරිම පහසුයි. අනික හතේ කරදරයක් නැතුව පරිඝණකයක් පාවිච්චි කරන්න ලැබීමම කොව්වර ලොකු දෙයක්ද?
මම ඒකයි ලිනක්ස් පාවිච්චි කරන්නේ.
;. All the best!!