මේ ඡායාරූපය මම ගත්තේ පළමු වසර අවසාන විභාගයට ඉදිරිපත් කිරීමට ඡායාරූප ගැනීම සඳහා අධ්‍යයනාංශයෙන් අපිව මීගමු වෙරළට එක්කගෙන ගිය වෙලාවේ. මේ තියෙන අමුතු හැඩයේ වලාකුළ ඇත්තටම ඡායාරූපය අනාවරණය කරන වෙලාවේ මම දැක්කේ නෑ. Contact Sheet එකේ මේ වලාකුළ දැක්කහම මම හිතුවේ මුද්‍රණය කරන කොට මගේ අතින් වෙච්ච වැරැද්දක් නිසා ඇති වුණු පැල්ලමක් කියලා. කෝකටත් කියලා පටලය Enlarger එකට දාලා 4R (4×6) එකක් ගන්න බලනකොටයි මේක වලාකුළක් කියලා දැක්කේ. කොහොම වුණත් ඒ වාලාකුළ ඡායාරූපය ලස්සන කළා කියලා හිතෙනවා. හැබැයි ඉතිං ඒක එහෙම නම් මේක හොඳ ඡායාරූපයක් වෙලා තියෙන්නේ මගේ දක්ෂකම නිසා නෙමෙයි.
ඡායාරූපය ගැන විස්තර කිව්වොත් කැමරාව BRAUN – SR2000, කාචයත් BRAUN , පටලය FortePan 200.


දර්ශන4it said,
2009 අගෝස්තු 7 at ප.ව. 6:24
ඇත්තටම හොද ගැලපීමක්. වර්ණ නොවී කළු සුදු එකක් වීමත් වාසනාවකට වුණා වගෙයි.
-බිன்ku- said,
2009 අගෝස්තු 7 at ප.ව. 6:49
ඇත්තටම ලස්සනයි මචෝ, අමුතු මුසලත්වයක් දෙනවා එක්ක. හැබැයි සොහොන් බිමේ සොහොන් කොත් පැහැදිලිව පේන්නට කෙලින් ගත්තා නම් මරු.
අරවින්ද said,
2009 අගෝස්තු 7 at ප.ව. 7:15
සොහොන් පිට්ටනිය තියෙන්නේ කන්දත. එහා පැත්තේ මුහුද
මේක ගත්තෙත් සොහොන් කොතක් උඩට නැඟලා.
තව උඩ යන්න නම් මට පියාඹන්න වෙනවා.
ප්‍රවීන් ඉන්ද්‍රනාම said,
2009 අගෝස්තු 7 at ප.ව. 7:40
ලස්සන කලාත්මක ඡායාරූපයක් මචං. ඇත්තටම සිරා !
අමිල said,
2009 අගෝස්තු 8 at පෙ.ව. 7:59
එලමයි
තමීර said,
2009 අගෝස්තු 8 at පෙ.ව. 8:33
මරු! පොටෝ එකේ උඩින් ජීවිතේ අනිත්‍යතාව ගැන වාක්‍යයකුත් ලියල දැම්ම නම් ගොඩ.
chamodi said,
2009 ඔක්තෝබර් 5 at පෙ.ව. 11:09
Api english danne nehe.E nisai mehema Liyanne.Oyage Sinhala blogs ekata api godaaaaaaaaaaaak kemathiy.Oyage adahas godklassanai.Eththatama eka godak marai.Darshana oyage friend the?mama meka liyanne mage friend SRIPALITH ekka.
neranji said,
2009 නොවැම්බර් 14 at පෙ.ව. 10:01
very nice…………hitha ganna amaru picture1k
kanchana waduge said,
2009 නොවැම්බර් 16 at ප.ව. 12:02
ලස්සන ඡායාරූප ටික