ජංගම දුරකතන කැමරාවලින් ෆොටෝ ගැනිල්ල ගැන පහුගිය දිනවල කීපදෙනෙක් බ්ලොග්වල කියලා තිබුණා. ඉතිං ඒ ගැන ලියන්න හිතුණා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ හොඳ කලාත්මක ඡායාරූපයක් ගන්න නම් දාස් ගාණක් වියදම් කරලා අඩු ම ගාණේ 10 MP වත් වෙන DSLR එකක් ගන්නම ඕනේ කියලා. මතක තියා ගන්න කැමරාව කියන්නේ උපකරණයක් විතරයි.(Camera is only a TOOL). ගන්න ඡායාරූපයේ හොඳ නරක වැඩිපුර ම තීරණය වෙන්නේ කැමරාවට පිටුපසින් තියන ඇසත් ඊටත් පිටිපස්සෙන් තියන මොළෙත් පාවිච්චි කරන හැටි අනුව යි. ඔය දෙක නැතිනම් කෝටි ගාණක් වටින කැමරාවක් තිබුණත් ඔබ නිකම්ම නිකං “කැමරා කාරයෙක්” විතරයි, කවදාවත් ඡායාරූප ශිල්පියෙක් වෙන්න නම් බෑ. ![]()
මේ තියන ඡායාරූප අරං තියෙන්නේ මගේ Nokia 3120 Classic ෆොන් එකෙන්. මේකේ කැමරාව 2MP. මේවා නියම කලාත්මක ඡායාරූප කියලා මම ම කියාගන්න හදනවා නෙමෙයි. ඒත් ඡායාරූප ගන්න හොඳ කැමරා ම හොයන අයට පොඩ්ඩක් බලා ගන්නත් එක්කයි මේ දාන්නේ. ඒ අතරේ ඉතිං ඡායාරූපවල හොඳ නරකත් පොඩ්ඩක් කියලා යන්න.![]()
කැම්පස් වහලා තිබුණු දවස්වල නිකං ගෙදර ඉන්න බැරි කමට අපි සැට් වෙලා ගියා මාළිගාතැන්නේ. මේ ඡායාරෑප ටික ගත්තේ මාළිගාතැන්නේ දී. මාළිගාතැන්න තියෙන්නේ කොළඹ නුවර පාරේ ගම්පහට හැරෙන මිරිස්වත්ත හන්දියෙන් වතුරුගම පාරේ කී.මී 8ක් විතර යනකොට. පුරාණ රජමහා විහාරෙකුත් තියනවා. උස කන්දකුත් තියනවා. චෛත්‍යය තියෙන්නේ කන්ද මුදුනේ. මේ කන්දේ වලගම්බා රජ තුමා හැංගිලා හිටියලු. (හැංගිමුත්තං සෙල්ලමට වෙන්ඩ ඇති
) කන්ද මුදුනේ තියනවා පෞරාණික පොකුණක්. අපි ඒකේ නෑවා. වතුර කොච්චර පිරිසිදුද කියනව නම් කලු ම කලු පාටයි. ගෙම්බෝ ඉස්ගෙඩි දියනයි එහෙමත් හිටියා. මයෙ හිතේ වලගම්බා රජතුමාට පස්සේ ඒකේ නෑවේ අපි තමයි.
ගල් ලෙන් 99 තියන පිළිකුත්තුව රක්ෂිත වනය හා පිළිකුත්තුව පුරාණ රජමහා විහාරය තියෙන්නේ එහා කන්දේ. කොළඹ ගම්පහ අවට ඉන්න අයට නිවාඩු දවසක පොඩි සංචාරයකට කියාපු තැන. මේ ගමනෙදි ගත්ත තව ඡායාරූප තියනවා. මෙතන දැම්මොත් ලිපිය දිග වැඩියි. පස්සේ ඒවා දාන්නම්.
වැරදියට වටහාගන්න එපා මම කියන්න හදන්නේ හොඳ කැමරාවක් වෙනුවට ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරන්න පුළුවන් කියන එක නෙමෙයි. හොඳ කැමරාවක තියන වාසිවලින් ගොඩක් ෆෝන් එකේ නෑ. ඒ කියන්නේ ඡායාරූපවල ගුණාත්මක බව (quality) අඩු යි. අනාවරණය අපට ඕනෙ හැටියට පාලනය කරන්න බෑ. තව ඕනෙ තරම් තියනවා. හැබැයි ඒවා එහෙම වුණාට හොඳ ඡායාරූපයක් ගන්න ඒවා බාධා නෙමෙයි. කලින් කිව්වා වගේ, කැමරාව පිටිපස්සේ තියන ඇස් ගෙඩිය යි මොළ ගෙඩියයි හොඳ නම් තමන්ට තියන සම්පත්වලින් උපරිම ප්‍රයොජන ගන්න පුළුවන්.


සමීර ශාකුන්තල said,
2009 අගෝස්තු 10 at පෙ.ව. 2:10
පිංතූර ටික ලස්සනයි. Flickr එහෙම දාල බැලුවෙ නැද්ද?
මම නම් එච්චරම ලෝකය කලාත්මකව දකින කෙනෙක් නෙවෙයි. හැබැයි ඡායාරූප කලාවට ගොඩක් ආසයි. මම ගත්ත පිංතූර ටිකක් http://www.flickr.com/photos/shaakunthala URL එකට ගිහින් බලන්න පුළුවන්.
හොඳ සමීප ඡායාරූප ගනිද්දි නම් කැමරාවෙ තත්වයත් යම් පමණකට බලපානවා කියල මට හිතෙනවා. මම ගත්ත මල් පිංතූර ටික බලන්න. Autofocus දාලා ගත්ත ඒවා මාර සිරා.
අරවින්ද said,
2009 අගෝස්තු 10 at පෙ.ව. 7:09
Flickrවලට දාලා තියෙන්නේ.
CloseUp, macro ඡායාරූප ගන්න ෆෝන් කැමරාවලින් අමාරුයි. මගේ ෆෝන් එකේ නම් අඩියක දුරට වඩා ළං කරලා ගත්තොත් ළඟ හරිය Focus Out. ෆෝන්වල තියෙන්නේ Fixed Focus කැමරානේ.
රසික said,
2009 අගෝස්තු 10 at පෙ.ව. 6:39
ලස්සන ඡායාරූප ටිකක්.
chaslcha said,
2009 අගෝස්තු 10 at පෙ.ව. 7:12
ෆෝන් එකෙන් පිංතුර ගත්තම, කැතයි කියල හිතුන ඒව ලස්සනයි, ලස්සනයි කියල හිතුන ඒව කැතයි.
මෙලෝ කමකට නැති ඒව කලාත්මකයි.
Thameera said,
2009 අගෝස්තු 10 at පෙ.ව. 7:37
සිරා පොටෝ ටික. පෝන් එකකින් ගත්ත කියල හිතා ගන්නවත් බැහැ.
මම දන්න architect කෙනෙක් ඉන්නවා. ගෙදරකට ගියාම ප්ලෑන් එක අඳින්න ඕන තැන්වල ඔක්කොම පොටෝ ගන්නෙ 1.3MP කැමරා පෝන් එකෙන්. ඒ ගොල්ලො ඒකෙන් කොච්චර ලොකු ප්‍රයෝජනයක් ගන්නවද! කැමරා එකක් පෝන් එකේ තියාගෙන ඒකෙන් අපි මොනවද කරන්නෙ?
panhida said,
2009 අගෝස්තු 10 at පෙ.ව. 7:50
කැමරාවේ ඇහැ වගේම අපේ ඇහැත් නියම විදිහට තියනවනම් ඉතා හොද ඡායාරූප ගන්න පුලුවන්…..
ලස්සන ෆොටෝ ටිකක්..
udara said,
2009 අගෝස්තු 10 at පෙ.ව. 8:15
නියමයි… ලස්සනයි උපරිමයි… නොකියා කම්පැනි එකෙන් මේ ෆොටෝ ටික දැක්කොත් ඇඩ් එකකට ගන්නවා… මගේ K750i එකෙන් ගත්ත ෆොටොත් දාන්නම්.. මාත් පුදුම විදිහට ඡායාරූපකරණ කලාව රස විඳිනවා… මූලික තියරිය ආලෝක පාලනය.. මේක දන්නවා නම් කැත නැතිව බලන්න පුළුවන් ෆොටෝ ටිකක් ගන්න පුළුවන් මං හිතන්නේ…
අනූ said,
2009 අගෝස්තු 10 at පෙ.ව. 8:23
ෂා මරු. හොඳ ඇහැක් තියනවා. කැමරාවක් ගත්තනං ඔයිට වඩා හොද පොටෝ ගන්න පුළුවන් වෙයි.
අරවින්ද said,
2009 අගෝස්තු 10 at පෙ.ව. 8:31
කැමරාවක් තියනවා. ඒක SLR Film කැමරාවක්. DSLR ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
සසික නානායක්කාර said,
2009 අගෝස්තු 10 at පෙ.ව. 10:35
එල ෆොටොස් ටික.මගේ ලගත් හොද කැමරාවක් නැහැ.තියෙන්නේ 2MP කැමරා ෆොන් එකක්.ඔබ කියපු “ඡායාරූපයේ හොඳ නරක වැඩිපුර ම තීරණය වෙන්නේ කැමරාවට පිටුපසින් තියන ඇසත් ඊටත් පිටිපස්සෙන් තියන මොළෙත් පාවිච්චි කරන හැටි අනුව යි” කථාව බොහො දුරට පිලිගන්න පුළුවන්.එත් ආලෝකය පාලනය අපහසු විම තමයි තියෙන ලොකුම ගැටළුව ජංගම දුරකතනයක ඇති කැමරාවකින් ෆොටො ගන්න කොට.
Malinthe said,
2009 අගෝස්තු 10 at ප.ව. 12:13
මාත් දැනට පාවිච්චි කරන්නෙ ෆෝන් කැමරාව තමයි. ඒත් DSLR එකක් ගන්න ලොකු ආසාවක් තියෙන්නෙ. ගොඩක් හේතු තියෙනව ඉතින්. කොහොම වුණත් දැනට තියෙන එක පුළුවන් උපරිමයෙන් පාවිච්චි කරන්නයි උත්සහ කරන්නෙ.
පින්තූර නම් නියමයි.
අරවින්ද said,
2009 අගෝස්තු 12 at ප.ව. 7:50
DSLR එකක් මගෙත් හීනයක්. Nikon D90 කට ඇහැ ගහගෙන ඉන්නේ.
NUWAN"s lane said,
2009 අගෝස්තු 10 at ප.ව. 12:51
photos tika nam niyamayi…
roshan said,
2009 අගෝස්තු 10 at ප.ව. 2:46
aattatama phon camara ma uss karana aka hoda mokada aanik kamara mila adikai na (apita hoda phin camarama )
Anju said,
2009 අගෝස්තු 10 at ප.ව. 2:37
ලස්සන phots ටික
Malee_Msg said,
2009 අගෝස්තු 10 at ප.ව. 2:38
ඇත්තටම හරිම ලස්සනයි.
Anju said,
2009 අගෝස්තු 10 at ප.ව. 2:39
ලස්සන පින්තූර ටික…
amila said,
2009 අගෝස්තු 10 at ප.ව. 2:53
ma kata hari waradila okata ochcara hina wanna onada ha…ha..a wihi luwakwat tarnnana (aapi phon kamarama uss karamu)
gamini said,
2009 අගෝස්තු 10 at ප.ව. 2:58
ma mata asi attatama camara gana dana ganna barida pahadiliwa kiya danna pata malawak waga godak pin )
eRanga said,
2009 අගෝස්තු 10 at ප.ව. 7:12
Ela pics tikak… excellent compose!!
ටිලාන්ත said,
2009 අගෝස්තු 10 at ප.ව. 9:12
අනර්ඝයි
පිටස්තරයා said,
2009 අගෝස්තු 10 at ප.ව. 11:54
Photos ටික නියමයි. හැබැයි පින්තූර ගත්තට පස්සේ photoshop වලින් brightness/contrast හදලා වගේ.
“ගන්න ඡායාරූපයේ හොඳ නරක වැඩිපුර ම තීරණය වෙන්නේ කැමරාවට පිටුපසින් තියන ඇසත් ඊටත් පිටිපස්සෙන් තියන මොළෙත් පාවිච්චි කරන හැටි අනුව යි”
මේ කතාවනම් ඇත්ත. අදහසක් ප්‍රකාශ කරද්දී අවශ්‍යතාවය තියෙනවානම් කැමරාවක් නැතත් ඒක කරන්න පුලුවන්.
හැබැයි ජංගම දුරකථන වල තියෙන කැමරා වල අවාසිය තමයි අපිය අවශය විදියට ගන්න පින්තූරය පාලනය කරන්න බැරි වෙන එක. Focussing, light control වගේ දේවල් අපිට පාලනය කරන්න බෑ. වාසනාවට හරිටෙ එයි කියලා හිතාගෙන button එක ඔබන්න විතරයි පුලුවන්. ඉතින් ඇත්තටම ජංගම දුරකථන කැමරා අපිට ඕන විදියටම වැඩ කරන tool එකක් නෙමෙයි.
ඒ විදියට බලනකොට හොද කැමරාවක් කියන්නේ අපිට අවශ්‍ය විදියට පරාමිතීන් වෙනස් කරන්න පුලුවන් කැමරාවක්. එතකොටයි අපිට හිතේ තියෙන අදහස එළියට ගන්න පුලුවන්. Mega Pixel කියන්නෙ සාමාන්‍ය වශයෙන් වැදගත් feature එකක්.
අරවින්ද said,
2009 අගෝස්තු 12 at ප.ව. 7:43
ෆෝන් එකකින් ගත්තොත් අනිවා brightness/contrast හදන්න වෙනවා. විශේෂයෙන් ෆෝන් එක Nokia නම්. ෆෝන්වලින් ගන්න ඡායාරූපවල පැහැ අන්තරය බොහොම අඩුයි.
මේ ඡායාරූපවල කරලා තියන එකම සංස්කරණය brightness/contrast හැදීම විතරයි. (උඩින් ම තියන එක Crop කරලා තියනවා)
ප්‍රවීන් ඉන්ද්‍රනාම said,
2009 අගෝස්තු 11 at පෙ.ව. 9:42
සමාවෙන්නොනැ පරක්කුවෙලා මේ පැත්තෙ ආවට.
පොටෝ ටික නං ආයෙ කියන්න දෙයක් නෑ මල් හතයි ! සිරා SLR එකකින් ගත්තු ඒවා වගේ පේන්නේ.
මටත් හිඟ ඔය “කලාත්මක ඇහැ” කියන දේ තමයි බං
udanajeewantha said,
2009 අගෝස්තු 11 at ප.ව. 5:37
ඇත්තටම හොද ඡායාරූප එකතුවක්. කැමරාව මොකක්ද කියන එක ප්‍රස්නයක් නෙවේ. හොද ඡායාරූපයක් ගන්නකොට වඩා වැදගත් වෙන්නේ ආලෝක පාලනය හා සුදුසු කැමරා කෝන භාවිතා කිරීම.
කලාත්මක ඇහැක් තියනවනම් තාක්ෂනය ගැටලුවක් වෙන්නෙනෑ…
Aisha said,
2009 අගෝස්තු 27 at ප.ව. 4:02
Really you have a very good test. Photos are mavalas. I wish you a better future