කළු-සුදු

 

මේ ඡායාරූප ගත්තේ පළමු වසර  Assignment එකට ඡායාරූප ගැනීමට දැනට මාස කීපයකට කලින්  කැලණි විහාරයට අපි ගිය වෙලාවේ. ඇත්තටම කිව්වොත් මේ තියෙන්නේ මගෙ ජීවිතේ මම ගත්ත පළවෙනි සාර්ථක කලාත්මක ඡායාරූපවලින් කීපයක්. පළමු සමාසිකය තුළ කැමරාව ගැන, ඡායාරූප ශිල්පය ගැන න්‍යායාත්මකව ඉගෙන ගත් කාරණා ප්‍රායෝගික ව අත්හදා බැලුවේ මේ චාරිකාවලදී තමා. 
ප්‍රථම වසරේදි අපට පාවිච්චි කරන්න දෙන්නේ කළු-සදු පටල විතරයි. ඒත් ඉතිං අපි ලෝකේ දකින්නේ කළු-සදුවලින් නෙමෙයිනේ. ඡායාරූප කලාවට ආධුනිකයන් වෙච්ච අපට මේක මාර ගැටලුවක් වුණා. ලස්සන ලස්සන රූප රාමු ඡායාරූප ගත කළාට මුද්‍රණය කළාම ලැබෙන කළු-සුදු ඡායාරූපයේ තියෙන්නේ අපි දැකපු දේ නෙමෙයි. අපි පාවිච්චි කරන්නේ Digital කැමරා නොවන නිසා ඔහේ ඕනෙ එකක් උනාවේ කියලා Click කරන්න බෑ.  ඡායාරූපය අල උනොත් පටලයේ රූප රාමුවක් අපරාදේ. කැමරවේ View Finder එකෙන් බලලා, මේ රූප රාමුව කළු-සුදුවලින් සටහන් වුණාම කොහොම තියෙයි ද කියලා හිතා ගන්න තරම් ඉවක් අපිට තිබුණේ නෑ. මේ ගැටලුවට මම විසඳුමක් හොයා ගත්තා. මම කරන්නේ Grayscale effect එක දාලා ෆෝන් එකේ කැමරාවෙන් ඕනෙ කරන රූප රාමුව අරගන්නවා. හොඳයි කියලා හිතෙනවා නම් SLR එකෙන් ගන්නවා. මේක සම්පූර්ණයෙන්ම සාර්ථක ක්‍රමයක් නෙමේ. රූපයක් ෆෝන් එකේ කැමරාවේ සටහන් වෙන විදියයි, SRL එකෙන් පටලය මත සටහන් වෙන විදියයි වෙනස්. ඒත් මේ ක්‍රමේ නිසා මට පටලයේ රූප රාමු එච්චර නාස්ති කරගන්නේ නැතුව ඡායාරූප ගන්න පුළුවන් වුණා.

මේ තියෙන්නේ ඒ ක්‍රමේට Phone එකෙන් Test කරන්න ගත්තු ඡායාරූප.

http://aravindablog.wordpress.com/
http://aravindablog.wordpress.com/ 
http://aravindablog.wordpress.com/

 

මේ තියෙන්නේ SLR කැමරාවෙන් ගත්තු ඡායාරූප. කැමරාව Nikon FM10.
Photos උඩ Click  කරලා විශාල කරලා බලන්න උඩ තියන ෆෝන් එකෙන් ගත්තු ඡායාරූප හා පහල තියන ඡායාරූප අතර Quality වෙනස කොච්චරද කියලා. Crop කිරීම හැර වෙන කිසිම Edit කිරීමක් මේ Photos වලට කරලා නෑ

http://aravindablog.wordpress.com/

http://aravindablog.wordpress.com/

ප්‍රතිචාර 14

  1. 2009 අගෝස්තු 13 at ප.ව. 9:03

    නියමයි… චෛත්‍ය නම් සිරාම සිරා… :)

  2. නිර්නාමික said,

    2009 අගෝස්තු 13 at ප.ව. 9:12

    Maxxa mchan keep it up…… All da bzt bro….. :)

  3. Nipuna said,

    2009 අගෝස්තු 13 at ප.ව. 9:14

    I’m not “NIRNAMIKA” K.. :) I’m ur friend Nipuna… :D

  4. 2009 අගෝස්තු 13 at ප.ව. 9:18

    ෆොටෝ ටික පට්ට සිරා !
    හැමදාම ඔය වැඩේ කරන්න පුරුදු වෙන්න එපා.. ටික ටික ඇහැ හුරු කරගන්න කලු-සුදු දකින්න.
    මචෝ උඹ නං අනාගතේ හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙනවා ආයෙ දෙකක් නෑ.

    පටං ගනිංකො හොඳ ෆොටෝ බ්ලොග් එකක්. දෙන්න සපෝට් එකක්.

    • 2009 අගෝස්තු 13 at ප.ව. 9:20

      මෙය “දෙන්නං සපෝට් එකක්” ලෙස නිවැරදි විය යුතුය :)

    • 2009 අගෝස්තු 13 at ප.ව. 9:32

      දැං ඉතිං කළු-සුදු ගන්නව අඩුයි. Color අරගෙන පස්සේ කළු-සුදු කරනවා.

      වෙනනමම Photo Blog එකක් ගැනද කිව්වේ. මම මේ බ්ලොග් එකත් ලියන්නේ අවාරෙට පොල් වැටෙනව වගේ. :-)
      ඉංගිරිසියෙන් Photo blog එකක් කාලෙකට ඉස්සෙල්ලා පටං ගත්තා. මට දැං ඒකේ Address එකවත් මතක නෑ. Post දෙකයිද කොහෙද ලිව්වේ :-D
      ඒත් සිංහලෙන් එකක් පටං ගත්තනං හොඳයි කියලත් හිනෙවා. දාන්න Photos නම් ඕනෙ තරම් තියනවා

  5. 2009 අගෝස්තු 13 at ප.ව. 10:00

    නියමයි මචන්..මාර කලාත්මකයි..

  6. 2009 අගෝස්තු 13 at ප.ව. 10:15

    මචං පොඩ් හෑල්ලක් එක්ක පින්තුර තායෙන වියමනක් පටං ගනිං. ඉන්දරේ වගේම අපිත් ඉන්නවා සප් එකට.

    සිරා පින්තුරයක් වගේම සිරා බුවෙක් උඹ මචං. එහෙම කිව්වේ කැමරාවට පිටිපස්සෙන් හිටියේ උඹ හින්දා. (උඹේ පස්සේ ස්ත්‍රි අඟනක් හිටි‍යාද කියලා කවුද දන්නේ?)

  7. 2009 අගෝස්තු 13 at ප.ව. 10:29

    මොකක් හරි හේතුවක් නිසා කළු සුදු ඡායාරූප වල අමුතු කලාත්මක බවක් දැනෙනවා. ඒ ඇයිද කියන්න නම් තේරුමක් නෑ මට.

    හොඳ ඡායාරූප ශිල්පියෙන් වෙන්න මගෙනුත් සුභ පැතුම්. :)

  8. හසී said,

    2009 අගෝස්තු 14 at පෙ.ව. 12:20

    කියන්න දෙයක් නෑ……කියන්න දෙයක් ඉතිරිත් නෑ…..
    ගොඩකාලෙකින් කලාත්මක ඇසක් තියෙන කැමරා කාරයෙක් දැක්ක….
    ඇස පිනවුවාට ගොඩාක් පිං……!!!!!
    අනාගතේ සුභම සුභ වෙන්න හදවතින්ම සුභ පතනවා.

  9. raigamaya said,

    2009 අගෝස්තු 14 at පෙ.ව. 7:55

    කලාත්මක ඡායාරූපවලට තිබෙන ඉල්ලුම ඉතා ප්‍රශංසනීයයි.

  10. මධුරංග said,

    2009 අගෝස්තු 14 at ප.ව. 1:39

    උඹට හොඳ කලාත්මක ඇහැක් තියෙනව. දැන් කාලෙ පොටෝ ගැහිල්ලත් fashion එකක් වෙලා බං. මොකද ඔය digital කෙරුවාව හින්ද. shot එකක තියෙන වටිනාකම තේරෙන්නෙ නැහැ. අනෙක photoshop වගේ softwares හින්ද ගොඩක් එවුන් මොකක් හරි බහු බූතයක් අරගෙන ඕක edit කරල කොහේවත් නැති එකක් පෙන්නනව මහ ලොකුවට. උඹ කියන විදිහට උඹලෑ course එක නම් පට්ට. ඕකෙන් මට පේන විදිහට නම් තාක්ෂණයට expose කරන්න ඉස්සෙල්ල කට්ටියගෙ ඇහැ හුරු කරණ එක තමයි කරන්නෙ. එහෙම කරල පස්සෙ තාක්ෂණය හුරු කරන එක තමයි නියම ක්‍රමේ. උඹ photography වලින් නියම අනාගතයක් තියෙන කොල්ලෙක්! උඹට ජය ශ්‍රී!

  11. Aisha said,

    2009 අගෝස්තු 27 at ප.ව. 3:52

    ඇත්තටම ගොඩක් ලස්සන photos ටිකක්.හරිම කලාත්මකයි. මම වැඩියෙන්ම last photo 1ට ආසයි. මම ඔයාට සුභ පතනවා.


Post a Comment