2009 නොවැම්බර් 16 at ප.ව. 5:46 (දින පොත)
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb?hl=si#
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.
BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).
තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.
මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
එක් ප්‍රතිචාරයක්
2009 අගෝස්තු 13 at පෙ.ව. 10:19 (දින පොත, මගේ ඡායාරූප)
Tags: Assignments, ඡයාරූප ශිල්පය, Photograph
Image Arts යටතේ අපට ප්‍රථම වසරේ වැඩිපුරම තියෙන්නේ ඡායාරූප ශිල්පය තමයි. පළමු සමාසිකයේ සිද්ධාන්ත ඉගෙනගන්න ඕනේ. දෙවන සමාසිකයේ Practical විතරයි. ඉතිං දෙවන සමාසිකයේ විභාගෙට තියෙන්නේත් ප්‍රායෝගික පරීක්ෂණ විතරයි. ලියන්න කිසිම දෙයක් නෑ. මේ යටතේ අපට කරන්න Practical Assignments කීපයක් තියනවා.
1. අධ්‍යයනාංශයෙන් අපට දෙන Analog SLR කැමරාවට අධයයනාංශය දෙන කළු-සුදු පටලය දාලා විශ්වවිද්‍යාලයෙ ඇතුලේ ඡායාරූප 15ක් ගැනීම. මේක ආවට ගියාට කරන්න බෑ. කාලය ලැබෙන්නේ පැය දෙකයි. ඡායාරූප ගැනීම සඳහා තේමාවන් 4ක් අපට දෙනවා. තව එක තේමාවක් අපිට හිතා ගන්න පුළුවන්. සියලුම ඡායාරූප මේ තේමා 5ට අදාළව අනාවරණය කරන්න ඕනේ. අනාවරණය නිවැරදි වෙන්න ඕනේ (අපට දෙන්නේ සම්පූර්ණයෙන්ම Manual කැමරා). ඔක්කොටම වඩා ගන්න එවා හොඳ කලාත්මක ඡායාරූප වෙන්න ඕනේ.
2. ඒ ගත්තු ඡායාරූප 15න් තේමාවන් 5ට අදාළ කැමති ඡායාරූප 5ක් මුද්‍රණය කරන්න ඕනේ. පෙර අපි අනාවරණය කළ filmඑක Process කරලා අපට දෙනවා. කළු-සුදු එන්ලාජරයක්, කළු-සුදු ඡායාරූප මුද්‍රණ කඩදාසි, අවශ්‍යතරම් Developer/Fixer දෙනවා (ඡායාරූප මුද්‍රණයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය). තව Dark Room එකකුයි පැය භාගයකුයි දෙනවා. ඒ පැය භාගය ඇතුළත පටලයෙන් රූප රාමු 5ක් තොරාගෙන, එන්ලාජරයෙන් ඒවා මුද්‍රණ කඩදාසි මත අනාවරණය කර, නිවැරදිව රසායනික ක්‍රියාවලිය සිදු කර අවසානයේ 3R (3”x5”) ප්‍රමාණයේ ඡායාරූප 5ක් බාරදෙන්න ඕනේ. මේ තියන එන්ලාජර්ස් වල ඡායාරූප ගත්තේ හොරෙන්. Dark room එක ඇතුළට ෆෝන් හෝ අලෝකය විහිදුවන කිසිම දෙයක් රැගෙන යාම සපුරා තහනම් !
3. අප විසින් මේ වසර තුළ ගනු ලැබූ හොඳම ඡායාරූප අවම 10ක එකතුවක් ඉදිරිපත් කරන්න ඕනේ. අධ්‍යයනාංශය මගින් අපව එක්කගෙන ගිය චාරිකාවලදී ගත් ඡායාරූප 5ක්වත් මීට ඇතුළත් වෙන් ඕනේ. 
4. ඡායාරූප ශිල්පයේ ප්‍රායෝගික භාවිතාවන් අළලා කැමති මාතෘකාවක් තොරාගෙන නිබන්ධනයක් ඉදිරිපත් කළ යුතුයි. සමහරු ඡායාරූප කලාව හා වෙළඳ දැන්වීම්, ඡායාරූපය හා පුවත්පත්, වගේ මාතෘකා තොරා ගෙන තිබුණා. මම කළේ චිත්‍රපට DVD කවර සඳහා ඡායාරූප භාවිතය ගැන. මේ තියෙන්නේ මම ඒ නිබන්ධනයට හදපු පිට කවරය.
5. අන්තර්ජාලයෙන් හෝ පත්තරවලින් හෝ කොහෙන් හරි හොයාගත් ඡායාරූප 10ක් අරගෙන ඒ එක් එක් ඡායාරූපයේ ගුණ අගුණ ගැන ඡායාරූප ශිල්පීය විචාරයක් සහිත නිබන්ධනයක් ඉදිරිපත් කරන්න ඕනේ.
6. මේ ඔක්කොමත් කරලා තව සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දෙන්න ඕනේ. එතනදී ඡායාරූප ශිල්පය පටං ගත්ත දා ඉඳං තියන ඔක්කොම කැමරාවර්ග, ආම්පන්න තියන මේසයක් උඩ තියන මොකක් හරි පෙන්නලා අහනවා මේ මොකද්ද, මොකක්ද මේකෙන් කරන්නනේ කියලා. තමන් ගත්තු ඡායාරූප පෙන්නලා අහනවා ඇයි මේ ඡායාරූපය මේ විදියට ගත්තේ, මොකක්ද ඔයා ඒකෙන් අදහස් කළේ කියලා. තව පිස්සු හැදෙන දෙකොන පටලවපු ප්‍රශ්න හැට හුටහමාරක් අහනවා. මේසේ උඩ තිබුණු දුඹුරු පාට දියරයක් තිබුණු බොතරලයක් පෙන්නලා එකෙක්ගෙන් අහලා තිබුණා මේ මොකද්ද කියලා. ඌ දහ අතේ කල්පනා කරලා අන්තිමට කිව්වලු Lens Cleaner කියලා. බැලින්නම් ඒතන ඉන්න සර් කෙනෙක් බොන්න ගෙනාපු කොත්තමල්ලි බොතලයක්
. විනිවිද පෙනෙන ඇට දාපු බොතලයක් පෙන්නලා අහනවා මේ මොනවද කියලා. ඡායාරූප ශිල්පයේ තියන එකම විනිවිද පෙනෙන ඇට ජාතිය සිලිකා ජෙල්. හැබැයි එහෙම කිව්වොත් ඉවරයි. ඒ තියෙන්නේ සීනි බෝතලයක්
කට්ටියට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මෙච්චර අමාරුවේ දාන ප්‍රශ්න අහන්නේ කියලා. මේ පරික්ෂණවලින් තමයි Image Arts විශේෂවේදී උපාධිය හැදැරීමට කට්ටිය තොරගත්නේ. 150ක් ඉන්න ශිෂ්‍ය පිරිසෙන් විශේෂවේදී උපාධියට තොරගන්නේ 10යි. ක්ෂේත්‍රය ගැන උනක් තියන, කට්ටියත් එක්ක සහයොගයෙන් වැඩ කරන්න පුළුවන් අය විතරයි තෝර ගන්නේ. කට පාඩම් කරලා තියරිය ගොඩ ගියාට මදි.
ප්‍රතිචාර 4
2009 ජූලි 24 at ප.ව. 8:44 (දින පොත)
Tags: Ben Hur, Bill Gates, Gimp, Linux, ubuntu, Windows, xp
මේ ළඟ දී මම ජනෙල් දෙකකින් පැන්නා නේ. එක ජනේලයක් බිල් මහත්තයාගේ ජනේලේ. අනිත් එක අපේ කැම්පස් එකේ නාට්‍යයක්. ඒකේ නම තමයි “ජනේලෙන් පනින්න ද”. නාට්‍ය ගැන පස්සේ කියන්නම්. බිල් මහත්තයගේ ජනේලේ කිව්වේ ඉතිං මං මේචිචර කල් පාවිච්චි කළ Windows Xp නේ. වින්ඩෝස්වල හොර කොපි ප්‍රශ්නයි, වෛරස් ප්‍රශ්නයි, තව කෙළවරක් නැති විවිධාකාර ප්‍රශ්නයි හින්දා මම උබුන්ටුවලට ආවා. ඇත්තටම නං ලිනක්ස්වලට එන්න ප්‍රධාන ම හේතුව ඒක නෙමේ. එකක් තමයි වෙනසකට තියන කැමැත්ත. අනිත් එක ඉතිං දැං කාලේ ලිනක්ස් කියන්නෙත් රැල්ලක්නේ.
මම උබුන්ටු ඉස්සෙල්ලා ම අත්හදා බැලුවේ 2007. AL ලියලා ගෙදර ඉන්න කාලේ. එතකොට මට අන්තර්ජාල සබඳතාවක්වත් නෑ. යාළුවෙක් ගාව තිබුණා උබුන්ටු CD එකක්. (මතක හැටියට 6.10) මේ මොකද්ද කියලා ඇහුවහම ඌ කිව්වා මචං ඕක වින්ඩොස් එක්ස් පී වගේ එකක්ලු මමත් එච්චර දන්නේ නෑ, දාලා බැලුවේත් නෑ කියලා. ඉන්ඩ බැරි අමාරුවට මමත් ඕක ඉල්ලං ඇවිත් වින්ඩොස්වල ඉඳගෙන ම CD එක දැම්මා. Autorun එකක් ආවා. Ubuntu Install කරන්න ඕනෙද ඇහුවා. මම හා කිව්වා. කොම්පියුටරේ Restart උනා. උබුන්ටු ලෝඩ් උනා. මම සීතල උනා. මම දන්නේ නෑනේ Live CD ගැන. මම හිතුවේ ඒ ඩිංගට උබුන්ටු ඉන්ස්ටෝල් උනා කියලා. කොහෙට ද ඉන්ස්ටෝල් උනේ, කොහෙම ද ඉන්ස්ටෝල් උනේ, XP Partition එකට මොනවද උනේ කිසි ම දෙයක් දන්නේ නෑ. කොහොම හරි ටික වෙලාවකට පස්සේ තේරුණා සිද්ධිය. ඉතිං ටික දවසකට පස්සේ මම උබුන්ටු ස්ථාපනය කළා. ඒත් වෙච්ච මොකක් හරි අවුලක් නිසා NTFS Partitions එකක්වත් Mount කරන්න බෑ. උපදෙසක් ගන්න කෙනෙක්වත් නෑ. ටික දවසක් බලලා උබුන්ටු අයින් කළා. ඊට ටික කාලෙකට පස්සේ අන්තර්ජාල සබඳතාව ගත්තා. ආයෙත් උබුන්ටු දැම්මා. ඒ පාර මොඩම් එක උබුන්ටුවලින් හඳුනගත්තේ නෑ. මම ඒ දවස්වල ubudsl ගැන දැනගෙන හිටියේ නෑ. සිංදුවක්වත් Play කරන්න බෑ. ආයෙම උබුන්ටු අයින් කළා. දැනට මාස 5කට විතර කලින් ආයෙත් උබුන්ටු දැම්මා. හැබැයි දැම්මේ Ubuntu Ultimate. ඒකට Internet ඕනේ නෑ. NonFree Codecs, ඕනෙ කරන මෘදුකාංග ඔක්කොම ඒකේ තියනවා. මම මේක දැම්මේ වින්ඩොස් මත ඉඳගෙන ම යි. Wubi Ubuntu Installer එක මගින්. ubudsl දැම්මහම මගේ මොඩම් එකත් වැඩ. හැබැයි නිතරම උබුන්ටු ලෙඩ දෙන්න ගත්තා. Stable නෑ. ඒ නිසා වැඩි පුර හිටියේ වින්ඩොස්වල ම තමා. උබුන්ටු ලෙඩ දෙන්න හේතුව ඒක වින්ඩෝස් මාර්ගයෙන් ස්ථාපනය කිරීම. නිතරම Crash වෙනවා. සමහර කොටස් වැඩ කරන්නේ නෑ. සමහර වෙලාවට බූට් වෙන්නෙවත් නෑ. ඉතිං මේ ලෙඩත් එක්ක වැඩ කරන්න බැරි නිසා. ජයග්‍රාහී තුන්වන වතාවටත් උබුන්ටු අයින් කළා. හැබැයි අයින් කරපු ගමන් ම ආපහු දැම්මා. 15GB ext3 Partition එකක් හදලා ආයේ අයින් නොකරන්න ම හිතාගෙන උබුන්ටු 9.4 දැම්මා. දැන් ඉතිං වින්ඩොස් කැලේ. දවසේ වැඩි හරියක් ඉන්නේ උබුන්ටුවල ම තමා.
හැබැයි දැන් මේ ලිපිය ලියන්නේ වින්ඩෝස්වලින්.
උබුන්ටු දැම්මට මොකද වින්ඩොස්වලින් Download වෙන්න දාපු පත Film දෙක තුනක් තියනවා. මම දවස ම උබුන්ටුවල ඉන්නකොට ඒවා ඩවුන්ලෝඩ් වෙන්නේ කොහොම ද. ඉතිං ඉඳලා හිටලා වින්ඩෝස් පැත්තේ ඇවිත් ඒවා ඩවුන්ලෝඩ් වෙන්න දෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ Ben Hur විතරයි. ඒක ඩවුන්ලෝඩ් වෙන අතරේ තමයි මේ ලියන්නේ. මේක හෙන පරණ චිත්‍රපටියක්. 1959 !!!. මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාම ගේට්ටු මහත්තයගේ ජනේලෙ වහලම දාන්න උනත් පුළුවන්. (වහලම දාන්න නං කල්පනාවක් නෑ)
ලිනක්ස්වලට තියන ගැටලුවක්ලුනේ ඔය වින්ඩෝස්වලට තියන මෘදුකාංග වලට විකල්ප නැති වීම. හැබැයි මට නම් මේක ගැටලුවක් උනේ නෑ. මට ඕනේ කරන හැම මෘදුකාංගයකටම හැම අතින්ම ගැලපෙන, සමහර විට ඊටත් වඩා හොඳ මෘදුකාංග උබුන්ටුවලට තියනවා. කිසිම Driver එකක් නැතුව මගේ සියලුම Hardwares උබුන්ටු හඳුනගත්තා. (ඒකට වින්ඩොස්) මම බයේ හිටියේ මගේ Hp Printer එකයි Bluetooth ඩොංගලේ ගැනයි. වින්ඩොස්වලදීත් මේ දෙකේ Drivers/Softwares ලෙඩ දෙනවා. මේ දෙකම උබුන්ටුවලදී හයි කරපු ගමං හොඳට වැඩ. දැනට විකල්පයක් හම්බ නොවුනේ Nokia PC Suite එකට තමයි. හැබැයි වින්ඩෝස්වලදී උනත් මම ඒකෙන් එච්චර ප්‍රයොජනයක් ගත්තේ නෑ. Phone එකෙන් Data Storage Mode තේරුවහම හොඳටම ඇති. සාමාත්‍ය USB Pen එකක් වගේ Phone Memory සහ Memory Card එක පෙන්නනවා. Photoshop වෙනුවට උබුන්ටු වලට තියෙන්නේ The GIMP. මම ඉතිං Photos Edit කරනවා කියලා කරන්නේ මම ගන්න ඡායාරූපවල Color හදන එකයි ඕනෙ නම් Crop කරන එකයි විතරයි. ඒකට GIMP හොඳටම ඇති.
උබුන්ටුවල මම දැක්ක තව හොඳ කීපයක් තියනවා. එකක් වෛරස් ගැන බය වෙන්න ඕනෙ නැති වීම. වින්ඩොස්වල ඉන්න කොට අපි කොච්චර බයෙන්ද ඉන්නේ. වෛරස්ගාඩ් දාගෙන ෆයර්වොල් දාගෙන ඒවට රැම් එකෙන් බාගයක් දන් දීල ඒ ඔක්කොම තියෙද්දිත් වෛරස් එනකොට යකා නගිනවා. ලිනක්ස්වලට ඉතිං ඔය කරදර නෑනේ.
අනික උබුන්ටු මගේ පරිගණකයේ සම්පත් පාවිච්චි කරන්නේ හරි අඩුවෙන්. වින්ඩෝස්වලදී නම් මෙහෙයුම් පද්ධතිය දාලා ඕනෙ කරන ඔක්කොම මෘදුකාංග දාලා ඉවර වෙනකොට හාඩ් එකෙන් 20 GB ඉක්මවා පිරෙනවා. හැබැයි උබුන්ටුවලට ඕනෙ කරන ඔක්කොම මෘදුකාංග දාලා තව වැඩකට නැති සුකුරුත්නං softwares ගොඩකුත් දැම්ම්ට පස්සෙත් ඒ ඔක්කොටම වැයවෙලා තියෙන්නේ 5.5GB විතරයි !.
වින්ඩෝස්වල ඉන්න කොට නිතරවෙන දෙයක් තමයි හාඩ් එකේ රතු ලයිට් එක තොරණ වගේ කෙළවරක් නැතුව පත්තු වීම. අතික රැම් එක ගොඩක් පාවිච්චි කිරීම. මේ නිසා මම වින්ඩෝස්වල ඉන්න කොට පැයකට සැරයක්වත් Task Manager පැත්තේ ගිහින් රැම් එකට හෝ හාඩ් එකට අරක්ගෙන ඉන්න මොකක් හරි වදකාර Process එකක් End කරන්න වෙනවා. ඒකට උබුන්ටුවලදී . හාඩ් විස්ක් බල්බ් එක පත්තු වෙන්නේ බොහොම කලාතුරකින්. Firefox, Thunderbird එක්ක Virtual Box වල වෙන OS එකක් Run කළත් ගින්දර වගේ වේගවත්.
ඔන්න ඉතිං Ben Hur ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙන්න ළඟයි. ඒ කියන්නේ. මේ ලිපිය ඉවර කරන්න වෙනවා. බිල් මහත්තයගේ ජනේලෙට බායි කියන්න වෙනවා.
. තව ලියන්න දේවල් තියනවා මං පැන්න අනිත් ජනේලේ ගැන (අර නාට්‍යය), මේ සමාසිකයේ එසයිමන්ට් ගැන….. තව ගොඩක් දෙවල්. කොහෙද…මේ Film එක ඉක්මනට ඩවුන්ලෝඩ් උනානේ.
ප්‍රතිචාර 14
2009 ජූනි 29 at ප.ව. 2:39 (දින පොත)
Tags: අරවින්දගේ වියමන, සිංහල, සිංහල බ්ලොගර්කරුවන්ගේ සංසදය, සිංහල බ්ලොග්
ඔන්න ඉතිං මගේ සිංහල බ්ලොග් ලිවිල්ලට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුද්දටම මම ලියලා තියෙන්නේ ලිපි 25ක් විතරයි. එකනං ඉතිං සෑහිමකට පත්වෙන්න පුළුවන් පුමාණයක් නෙමෙයි.
සිංහල බ්ලොගර්කරුවන්ගේ සංසදයටත් මගේ බ්ලොග්එක කියවන හැමෝටමත් බොහෝම ස්තුතියි. අවුරුද්දක් පුරාවට මාත් එක්ක හිටියට. ඉතිං, ඉදිරියටත් තව අවුරුදු ගාණක් බ්ලොග්එක ලියන්න ලැබේවා කියලා සහ සිංහල බ්ලොග්කරණය තවත් වර්ධනය වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා
ප්‍රතිචාර 15
2009 ජනවාරි 11 at ප.ව. 8:48 (දින පොත)
Tags: බ්ලොග්
සිරසට ගහලත් සතියක් ගත වුණා. ඒකට සැක පිට UNP නාගරික මන්ත්‍රීවරුන් දෙන්නෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ සිරසට කට උත්තර නැතුව ගියා වගේ. අනේ මන්දා. බ්ලොග් එකක කමෙන්ට් එකකට අර අවුදෝ මන්දා ලියලා තිබුණා සිරසට ගහන්න ඕනේ. හැබැයි ඒ සිරසේ දේශපාලනය නිසා නෙමේ. සිරස කරන සංස්කෘතිය විනාශය නිසා ය කියලා. ඒක නං සහතික ඇත්ත.
සමහරු කියනවා සිරස තමංම ගහගත්තලු. බලා ගෙන ගියහ ම ඒක ඔප්පු කරන්න පුළුවන් සාධක ගොඩක් තියෙනවා.
කියන හැටියට 20 දෙනෙක් විතර පහර දෙන්න ඇවිත් තියෙනවා. හැබෑට ආයුධත් එක්ක 20කට ඩෝල්ෆින් වෑන් එකක එන්න පුළුවන් ද ? පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශක් නිසා මුර කපොලු හැම තැනම. ආයුධත් එක්ක 20 කිටි කිටියේ හිර වෙලා වෑන් එකක එක කොට මුර කපොලුවල අය බලාගෙන ඉන්න ඇති. හික්.
දැං කාලේ පාරේ කඩවලත් ආරක්ෂක කැමරා තියෙද්දී ප්‍රධාන මැදිරි සංකීර්ණයේ ඒවා තිබුණෙ නැත්තෙ ඇයි ?
අනික ප්‍රහාරය දවසේ හොඳටම හානිවෙලා විකාශන කටයුතුවත් කරගන්න බැරුව හිටපු සිරස මෙන්න පහුවදා ඉඳන් වෙනදා වගේ ම වැඩ.
ඒ ගොල්ලෝ කියනවා මැරයෝ ඇවිත් ක්ලේමෝ එකකුත් ගහලා ගිහිල්ල ලු. ඒ කියන්නේ ක්ලේමෝ ගැන දන්නේ නැතුව. ඔවුන් කියන ක්ලේමෝ මයින් (8kg) කියන බෝම්බ වර්ගයෙන් එකක් ගැහුවෝත් මැදිරි සංකීර්ණයේ වහලෙවත් ඉතුරු වෙන එකක් නෑ.
තව කියනවා මැදිරි සංකීර්ණය නවීන ඩිජිටල් තාක්ෂණයට අනුව හැදුවේ මාස හයකට කලින්ලු. ලංකාවේ පළමු ව ඩිජිටල් තාක්ෂණයට ආපු රූපවාහිනී නාළිකාව සිරස. ඒ මීට අවුරුදු කීපයකට කලින්. මාස හයකට කලින් නෙමේ.
පෙර සතියේ සිකුරාදා පෙට්රල් බොම්බ ප්‍රහාරයක් එල්ල වෙලා තියෙද්දිත් ආරක්ෂාවට ඉඳලා තියෙන්නේ දෙන්නයි. අඩුම ගානේ මැරයො ටික පැය බාගයක් තිස්සේ මැදිරි කුඩුකරනකං වත් ආරක්ෂක අංශවල අනිත් අය නෑ.
ප්‍රතිචාර 31
2009 ජනවාරි 11 at ප.ව. 8:24 (දින පොත)
Tags: බ්ලොග්
මැරතන් ඉවර වුණාට පස්සේ දැනුයි ඕං ඉස්සෙල්ල ම බ්ලොග් එකක් ලියන්නේ. මේ දවස් වල අපිට කැම්පස් එකේ විභාගේ නේ. හෙට තමා අවසාන ප්‍රශ්න පත්තරේ. අම්මෝ…ඉවර වුණාට පස්සේ පුදුම සහනයක් දැනෙයි.
හැමදා ම බ්ලොග් කියවනයට ඇවිත් බ්ලොග් කියෙව්වට මට බ්ලොග් ලිපියක් ලියන්න හරිම කම්මැලියි. ඒක ලොකු ප්‍රශ්නයක්. ලියන්න තියෙන දේ ගැන ප්‍රශ්නයක් නෑ. ඕනෙ තරං දේවල් තියෙනවා. ඒත් ලියන්න කම්මැලියි. මාර වැඩේ.
මං හිතන්නේ මෙකයි ඒකට හේතුව.මට ලියලා පුරුදු මෙහෙම නෙමේ. පෑනකුයි කොළේකුයි දීලා ලියන්න කිව්වොත් මං කොහෙත් ම ඉගෙනගෙන නැති දෙයක් ගැන වුණත් පිටු ගාණක් ලියන්න මට පුළුවන්. පෑන කොළේට තියෙන කොට වතුර ගලනවා වගේ ලියන්න පුළුවන්. හැබැයි කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා ලියන්න ගත්තොත් අදහස් බ්ලොක් වෙනවා. ඉක්මනට ලිපිය ඉවර කරන්නමයි හිතෙන්නේ. මං මේ වෙනකං ලියපු බ්ලොග් සටහන් වුණත් එච්චර දිග ඒවා නෙමෙයි. කොටින්ම කිව්වොත් මේ ලියන එකත් දැන් ඉවර කරන්නමයි හිතෙන්නේ.
ප්‍රතිචාර 8
2008 දෙසැම්බර් 21 at ප.ව. 8:40 (කලාව, දින පොත)
Tags: ක්ලැරන්ස්, සංගීතය, Clarence, Music

ක්ලැරන්ස් විජේවර්ධන. අනිවාර්යයෙන් ම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉවත් නොවන නමක්. මේ වෙලාවේ ඔහු ගැන කියන්නේ ඔහු අප අතරින් සමුගෙන පසුගිය 13 දාට 12 වසරක් සපිරෙන නිසා ය. ඇයි අපිට ක්ලැරන්ස් වැදගත් . ඔහුගේ සිංදු ලස්සන නිසා පමණද ?
1943 අගෝස්තු 3 දින උපන් ක්ලැරන්ස් අවුරුදු 23 දී සිය වෘත්තීය සංගීත දිවිය අරඹමින් ලාංකීය සංගීතයේ වෙනසකට මුල පිරුවේ ය. ඔහු ලංකාවට ඉලෙක්ට්‍රික් ගිටාරය ගෙන ආවේ ය. ඒ ගැන චෝදනා ආවිට ඔහු එයට පිළිතුරු දුන්නේ ඉලෙක්ට්‍රක් ගිටාරයෙන් බෙර පද වාදනය කර පෙන්වීමෙනි. (‘සුරඟන වෙස්වලා’ වැනි ගීත). ලංකාවේ පළමු වරට ඩ්‍රම් ෆුට් බ්‍රේක්, සංගීතයට යෙදා ගත්තේ ක්ලැරන්ස් ය. ඒ ගමෙන් ලියුමක් ඇවිල්ලා ගීතයට යි. අද ෆුට් බ්‍රේක් එකෙන් කන් අඩි පලන සංගීත මරුවන් මේවා අහලාවත් නැතුව ඇති. ලංකාවේ පළමු කැසට් පටයේ සංගීත අධ්‍යක්ෂවරයා ක්ලැරන්ස් ය (මිල්ටන් මල්ලවාරචිච්ගේ Any Time Anywhere) . ප්‍රථම වතාවට Multi Track Recording ක්‍රමය අරඹමින් සිංග්ලංකා සමාගම පිහිටවූයේ ක්ලැරන්ස් ය.
මීට වසර කීපයකට පෙර ලංකාවේ ක්ලැසිකල් ගිටාර් වාදනය උගන්වන සංගීතඥයින් තම සිසුන්ට පළමු ව කීවේ Hotel California අහලා එන්න යනුවෙනි. අද සමහරු කියන්නේ ක්ලැරන්ස් සිංදුවක් අහලා එන්න කියා ය. ඒ තරමට ක්ලැරන්ස්ගේ ගිටාර් වාදනය සුවිශේෂී ය. සාමාන්‍ය ගිටාර් වාදකයන් නොකරන පරිදි දකුණතේ මාපටැඟිල්ල ඉහලට චලනයෙන් කරන වාදනය ඔහුගේ වේගවත් මියුරු ගිටාර් වාදනයට හේතුවකි.
ක්ලැරන්ස් ගැන බොහෝ දෙවල් කියන්න තිබුණත් ලියන්න විවේකය අඩු නිසා මෙතනින් නවතින්න වෙනවා. ක්ලැරන්ස් ගැන හොයන්න කැමති නම් ඔහු ඇමරිකාවේ දී කළ Clarence Live In Hollywood ප්‍රසංගය බලන්න. DVD හොයා ගන්න පුළුවන් වේවි. 
ප්‍රතිචාර 6
2008 දෙසැම්බර් 15 at ප.ව. 1:20 (දින පොත)
Tags: නාට්‍ය, විභාගේ, විශ්වවිද්‍යාලය, සිංහල
විශ්ව විද්‍යාලේ පළමු අර්ධවාර්ෂිකයේ වීභාගය ලබන සතියේ පටන් ගන්නවා. කැම්පස් එකේ හා හා පුරා කියලා ලියන විභාගේ නිසා පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. ඒකට මොක ද පොතක් අතින් අල්ලන්නේ නෑ තාමත්. පහුගිය දවස් වල එසයිමන්ට් කරලා බාගෙට මැරිලා ඉන්නේ. අන්තිමට දුන්න ප්‍රංශ කෙටිකතා ගැන ප්‍රශ්නයට පිළිතුර ලිව්වේ ගිය සතියේ සිකුරාදා. ඒ කියන්නේ පිළිතුරු බාරගන්න අවසාන දවස. එදා උදේ 3ට නැඟිටලා 6 වෙනකොට යාන්තං පිටු 30ක් පනින්න ලියා ගත්තා. කොහොම හරි ඒක නිසා දැන් ගීද මොපසාංගේ බාප්පගේ නම ඇහුවත් කියන්න පුළුවන්.
ලබන සතියේ විභාගේ පටන්ගන්නේ නාට්‍ය හා රංග කලාවෙන්. ඊ ළඟට Image Arts. ඒ දෙක ම එච්චර ප්‍රශ්නයක් නෑ. ඊ ළඟට සිංහල. ඒකට නං තව ටිකක් මහන්සි වෙන්න වෙයි. ගෙදර හිටියොත් මෙලෝ වැඩක් කෙරෙන්නේ නෑ. ඒ නිසා අද හරි හෙට හරි හොස්ටල් යන්න ඔනෙ. අනික ඉතින් ගෙදර ඉඳන් පාඩම් කරන්න ලියාගත්තු නෝට් ඇත්තෙත් නෑනේ.
ප්‍රතිචාර 6