සෙවණැලි

මේ ඡායාරූප ගත්තේ හැන්දෑවරුවක. අපේ ගෙදර තියනවා යකඩ දොරක්. හැන්දෑවට ඒ දොරේ රටාව අතරින් රත්තරං පාට ඉර එළිය ගේ ඇතුළට වැටෙන කොට අමුතුම ලස්සනක් තියෙන්නේ. ඉතිං ගත්තා ෆොටෝ එකක්. කැමරාව සුපුරුදු ලෙස මගේ Nokia 3120classic Phone එක.
නරකම නෑ නේද ?

මේ ඡායාරූප දෙකට හරියට මාතෘකාවක් මට තාම හිතාගන්න බෑ. මොනවද තියන යෝජනා…

aravindablog.wordpress.com

http://farm4.static.flickr.com/3449/3725509717_d602569a86.jpg

කළු-සුදු

 

මේ ඡායාරූප ගත්තේ පළමු වසර  Assignment එකට ඡායාරූප ගැනීමට දැනට මාස කීපයකට කලින්  කැලණි විහාරයට අපි ගිය වෙලාවේ. ඇත්තටම කිව්වොත් මේ තියෙන්නේ මගෙ ජීවිතේ මම ගත්ත පළවෙනි සාර්ථක කලාත්මක ඡායාරූපවලින් කීපයක්. පළමු සමාසිකය තුළ කැමරාව ගැන, ඡායාරූප ශිල්පය ගැන න්‍යායාත්මකව ඉගෙන ගත් කාරණා ප්‍රායෝගික ව අත්හදා බැලුවේ මේ චාරිකාවලදී තමා. 
ප්‍රථම වසරේදි අපට පාවිච්චි කරන්න දෙන්නේ කළු-සදු පටල විතරයි. ඒත් ඉතිං අපි ලෝකේ දකින්නේ කළු-සදුවලින් නෙමෙයිනේ. ඡායාරූප කලාවට ආධුනිකයන් වෙච්ච අපට මේක මාර ගැටලුවක් වුණා. ලස්සන ලස්සන රූප රාමු ඡායාරූප ගත කළාට මුද්‍රණය කළාම ලැබෙන කළු-සුදු ඡායාරූපයේ තියෙන්නේ අපි දැකපු දේ නෙමෙයි. අපි පාවිච්චි කරන්නේ Digital කැමරා නොවන නිසා ඔහේ ඕනෙ එකක් උනාවේ කියලා Click කරන්න බෑ.  ඡායාරූපය අල උනොත් පටලයේ රූප රාමුවක් අපරාදේ. කැමරවේ View Finder එකෙන් බලලා, මේ රූප රාමුව කළු-සුදුවලින් සටහන් වුණාම කොහොම තියෙයි ද කියලා හිතා ගන්න තරම් ඉවක් අපිට තිබුණේ නෑ. මේ ගැටලුවට මම විසඳුමක් හොයා ගත්තා. මම කරන්නේ Grayscale effect එක දාලා ෆෝන් එකේ කැමරාවෙන් ඕනෙ කරන රූප රාමුව අරගන්නවා. හොඳයි කියලා හිතෙනවා නම් SLR එකෙන් ගන්නවා. මේක සම්පූර්ණයෙන්ම සාර්ථක ක්‍රමයක් නෙමේ. රූපයක් ෆෝන් එකේ කැමරාවේ සටහන් වෙන විදියයි, SRL එකෙන් පටලය මත සටහන් වෙන විදියයි වෙනස්. ඒත් මේ ක්‍රමේ නිසා මට පටලයේ රූප රාමු එච්චර නාස්ති කරගන්නේ නැතුව ඡායාරූප ගන්න පුළුවන් වුණා.

මේ තියෙන්නේ ඒ ක්‍රමේට Phone එකෙන් Test කරන්න ගත්තු ඡායාරූප.

http://aravindablog.wordpress.com/
http://aravindablog.wordpress.com/ 
http://aravindablog.wordpress.com/

 

මේ තියෙන්නේ SLR කැමරාවෙන් ගත්තු ඡායාරූප. කැමරාව Nikon FM10.
Photos උඩ Click  කරලා විශාල කරලා බලන්න උඩ තියන ෆෝන් එකෙන් ගත්තු ඡායාරූප හා පහල තියන ඡායාරූප අතර Quality වෙනස කොච්චරද කියලා. Crop කිරීම හැර වෙන කිසිම Edit කිරීමක් මේ Photos වලට කරලා නෑ

http://aravindablog.wordpress.com/

http://aravindablog.wordpress.com/

Photography Assignment කෙරුවාව

Image Arts යටතේ අපට ප්‍රථම වසරේ වැඩිපුරම තියෙන්නේ ඡායාරූප ශිල්පය තමයි. පළමු සමාසිකයේ සිද්ධාන්ත ඉගෙනගන්න ඕනේ.  දෙවන සමාසිකයේ  Practical විතරයි. ඉතිං දෙවන සමාසිකයේ විභාගෙට තියෙන්නේත් ප්‍රායෝගික පරීක්ෂණ විතරයි. ලියන්න කිසිම දෙයක් නෑ. මේ යටතේ අපට කරන්න Practical Assignments කීපයක් තියනවා.

1. අධ්‍යයනාංශයෙන් අපට දෙන Analog SLR කැමරාවට අධයයනාංශය දෙන කළු-සුදු පටලය දාලා විශ්වවිද්‍යාලයෙ ඇතු‍ලේ ඡායාරූප 15ක් ගැනීම. මේක ආවට ගියාට කරන්න බෑ. කාලය ලැබෙන්නේ පැය දෙකයි. ඡායාරූප ගැනීම සඳහා තේමාවන් 4ක් අපට දෙනවා.  තව එක තේමාවක් අපිට හිතා ගන්න පුළුවන්. සියලුම ඡායාරූප මේ තේමා 5ට අදාළව අනාවරණය කරන්න ඕනේ. අනාවරණය නිවැරදි වෙන්න ඕනේ (අපට දෙන්නේ සම්පූර්ණයෙන්ම Manual කැමරා). ඔක්කොටම වඩා ගන්න එවා හොඳ කලාත්මක ඡායාරූප වෙන්න ඕනේ.

2. ඒ ගත්තු ඡායාරූප 15න් තේමාවන් 5ට අදාළ කැමති ඡායාරූප 5ක් මුද්‍රණය කරන්න ඕනේ. පෙර අපි අනාවරණය කළ filmඑක Process කරලා අපට දෙනවා. කළු-සුදු එන්ලාජරයක්, කළු-සුදු ඡායාරූප මුද්‍රණ කඩදාසි, අවශ්‍යතරම් Developer/Fixer දෙනවා (ඡායාරූප මුද්‍රණයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය).  තව Dark Room එකකුයි පැය භාගයකුයි දෙනවා. ඒ පැය භාගය ඇතුළත පටලයෙන් රූප රාමු 5ක් තොරාගෙන, එන්ලාජරයෙන් ඒවා මුද්‍රණ කඩදාසි මත අනාවරණය කර, නිවැරදිව රසායනික ක්‍රියාවලිය සිදු කර අවසානයේ  3R (3”x5”) ප්‍රමාණයේ ඡායාරූප 5ක් බාරදෙන්න ඕනේ.  මේ තියන එන්ලාජර්ස් වල ඡායාරූප ගත්තේ හොරෙන්. Dark room එක ඇතුළට ෆෝන් හෝ අලෝකය විහිදුවන කිසිම දෙයක් රැගෙන යාම සපුරා තහනම් !

aravindablog.wordpress.com aravindablog.wordpress.com
3.  අප විසින් මේ වසර තුළ ගනු ලැබූ හොඳම ඡායාරූප අවම 10ක එකතුවක් ඉදිරිපත් කරන්න ඕනේ. අධ්‍යයනාංශය මගින් අපව එක්කගෙන ගිය චාරිකාවලදී ගත් ඡායාරූප 5ක්වත් මීට ඇතුළත් වෙන් ඕනේ.  Cover

4. ඡායාරූප ශිල්පයේ ප්‍රායෝගික භාවිතාවන් අළලා කැමති මාතෘකාවක් තොරාගෙන නිබන්ධනයක් ඉදිරිපත් කළ යුතුයි. සමහරු ඡායාරූප කලාව හා වෙළඳ දැන්වීම්, ඡායාරූපය හා පුවත්පත්, වගේ මාතෘකා තොරා ගෙන තිබුණා. මම කළේ චිත්‍රපට DVD කවර සඳහා ඡායාරූප භාවිතය ගැන. මේ තියෙන්නේ මම ඒ නිබන්ධනයට හදපු පිට කවරය.

5. අන්තර්ජාලයෙන් හෝ පත්තරවලින් හෝ කොහෙන් හරි හොයාගත් ඡායාරූප 10ක් අරගෙන ඒ එක් එක් ඡායාරූපයේ ගුණ අගුණ ගැන ඡායාරූප ශිල්පීය  විචාරයක් සහිත නිබන්ධනයක් ඉදිරිපත් කරන්න ඕනේ.

6. මේ ඔක්කොමත් කරලා තව සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දෙන්න ඕනේ. එතනදී ඡායාරූප ශිල්පය පටං ගත්ත දා ඉඳං තියන ඔක්කොම කැමරාවර්ග,  ආම්පන්න තියන මේසයක් උඩ තියන මොකක් හරි පෙන්නලා අහනවා මේ මොකද්ද, මොකක්ද මේකෙන් කරන්නනේ කියලා. තමන් ගත්තු ඡායාරූප පෙන්නලා අහනවා ඇයි මේ ඡායාරූපය මේ විදියට ගත්තේ, මොකක්ද ඔයා ඒකෙන් අදහස් කළේ කියලා. තව පිස්සු හැදෙන දෙකොන පටලවපු ප්‍රශ්න හැට හුටහමාරක් අහනවා. මේසේ උඩ තිබුණු දුඹුරු පාට දියරයක් තිබුණු බොතරලයක් පෙන්නලා එකෙක්ගෙන් අහලා තිබුණා මේ මොකද්ද කියලා. ඌ දහ අතේ කල්පනා කරලා අන්තිමට කිව්වලු Lens Cleaner කියලා. බැලින්නම් ඒතන ඉන්න සර් කෙනෙක් බොන්න ගෙනාපු කොත්තමල්ලි බොතලයක් :-)
. විනිවිද පෙනෙන ඇට දාපු බොතලයක් පෙන්නලා අහනවා මේ මොනවද කියලා. ඡායාරූප ශිල්පයේ තියන එකම විනිවිද පෙනෙන ඇට ජාතිය සිලිකා ජෙල්. හැබැයි එහෙම කිව්වොත් ඉවරයි. ඒ තියෙන්නේ සීනි බෝතලයක් :-D

කට්ටියට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මෙච්චර අමාරුවේ දාන ප්‍රශ්න අහන්නේ කියලා. මේ පරික්ෂණවලින් තමයි Image Arts විශේෂවේදී උපාධිය හැදැරීමට කට්ටිය තොරගත්නේ. 150ක් ඉන්න ශිෂ්‍ය පිරිසෙන් විශේෂවේදී උපාධියට තොරගන්නේ 10යි. ක්ෂේත්‍රය ගැන උනක් තියන, කට්ටියත් එක්ක සහයොගයෙන් වැඩ කරන්න පුළුවන් අය විතරයි තෝර ගන්නේ. කට පාඩම් කරලා තියරිය ගොඩ ගියාට මදි.

ෆෝන් එකකින් හොඳ ඡායාරූප ගන්න බැරිද ?

ජංගම දුරකතන කැමරාවලින් ෆොටෝ ගැනිල්ල ගැන පහුගිය දිනවල කීපදෙනෙක් බ්ලොග්වල කියලා තිබුණා. ඉතිං ඒ ගැන ලියන්න හිතුණා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ හොඳ කලාත්මක ඡායාරූපයක් ගන්න නම් දාස් ගාණක් වියදම් කරලා අඩු ම ගාණේ 10 MP වත් වෙන DSLR එකක් ගන්නම ඕනේ කියලා. මතක තියා ගන්න කැමරාව කියන්නේ උපකරණයක් විතරයි.(Camera is only a TOOL). ගන්න ඡායාරූපයේ හොඳ නරක වැඩිපුර ම තීරණය වෙන්නේ කැමරාවට පිටුපසින් තියන ඇසත් ඊටත් පිටිපස්සෙන් තියන මොළෙත් පාවිච්චි කරන හැටි අනුව යි. ඔය දෙක නැතිනම් කෝටි ගාණක් වටින කැමරාවක් තිබුණත් ඔබ නිකම්ම නිකං “කැමරා කාරයෙක්” විතරයි, කවදාවත් ඡායාරූප ශිල්පියෙක් වෙන්න නම් බෑ. aravindablog.wordpress.com

මේ තියන ඡායාරූප අරං තියෙන්නේ මගේ Nokia 3120 Classic ‍ෆොන් එකෙන්. මේකේ කැමරාව 2MP. මේවා නියම කලාත්මක ඡායාරූප කියලා මම ම කියාගන්න හදනවා නෙමෙයි. ඒත් ඡායාරූප ගන්න හොඳ කැමරා ම හොයන අයට පොඩ්ඩක් බලා ගන්නත් එක්කයි මේ දාන්නේ.  ඒ අතරේ ඉතිං ඡායාරූපවල හොඳ නරකත් පොඩ්ඩක් කියලා යන්න.aravindablog.wordpress.com

aravindablog.wordpress.com

aravindablog.wordpress.com

aravindablog.wordpress.com

aravindablog.wordpress.com

aravindablog.wordpress.com

කැම්පස් වහලා තිබුණු දවස්වල නිකං ගෙදර ඉන්න බැරි කමට අපි සැට් වෙලා ගියා මාළිගාතැන්නේ. මේ ඡායාරෑප ටික ගත්තේ මාළිගාතැන්නේ දී. මාළිගාතැන්න තියෙන්නේ කොළඹ නුවර පාරේ ගම්පහට හැරෙන මිරිස්වත්ත හන්දියෙන් වතුරුගම පාරේ කී.මී 8ක් විතර යනකොට. පුරාණ රජමහා විහාරෙකුත් තියනවා. උස කන්දකුත් තියනවා. චෛත්‍යය තියෙන්නේ කන්ද මුදුනේ.  මේ කන්දේ වලගම්බා රජ තුමා හැංගිලා හිටියලු. (හැංගිමුත්තං සෙල්ලමට වෙන්ඩ ඇති :-)   ) කන්ද මුදුනේ තියනවා පෞරාණික පොකුණක්. අපි ඒකේ නෑවා. ‍වතුර කොච්චර පිරිසිදුද කියනව නම් කලු ම කලු පාටයි. ගෙම්බෝ ඉස්ගෙඩි දියනයි එහෙමත් හිටියා. මයෙ හිතේ වලගම්බා රජතුමාට පස්සේ ඒකේ නෑවේ අපි තමයි. :-)    ගල් ලෙන් 99 තියන පිළිකුත්තුව රක්ෂිත වනය හා පිළිකුත්තුව පුරාණ රජමහා විහාරය තියෙන්නේ එහා කන්දේ. කොළඹ ගම්පහ අව‍ට ඉන්න අයට නිවාඩු දවසක පොඩි සංචාරයකට කියාපු තැන. මේ ගමනෙදි ගත්ත තව ඡායාරූප තියනවා. මෙතන දැම්මොත් ලිපිය දිග වැඩියි. පස්සේ ඒවා දාන්නම්.

වැරදියට වටහාගන්න එපා මම කියන්න හදන්නේ හොඳ කැමරාවක් වෙනුවට ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරන්න පුළුවන් කියන එක නෙමෙයි. හොඳ කැමරාවක තියන වාසිවලින් ගොඩක්  ෆෝන් එකේ නෑ. ඒ කියන්නේ ඡායාරූපවල ගුණාත්මක බව (quality) අඩු යි. අනාවරණය අපට ඕනෙ හැටියට පාලනය කරන්න බෑ. තව ඕනෙ තරම් තියනවා. හැබැයි  ඒවා එහෙම වුණාට හොඳ ඡායාරූපයක් ගන්න ඒවා බාධා නෙමෙයි. කලින් කිව්වා වගේ, කැමරාව පිටිපස්සේ තියන ඇස් ගෙඩිය යි මොළ ගෙඩියයි හොඳ නම් තමන්ට තියන සම්පත්වලින් උපරිම ප්‍රයොජන ගන්න පුළුවන්.

මළවුන් උදෙසා වලාකුළක ආචාරය

http://aravindablog.wordpress.com/

මේ ඡායාරූපය මම ගත්තේ පළමු වසර අවසාන විභාගයට ඉදිරිපත් කිරීමට ඡායාරූප ගැනීම සඳහා අධ්‍යයනාංශයෙන් අපිව මීගමු වෙරළට  එක්කගෙන ගිය වෙලාවේ. මේ තියෙන අමුතු හැඩයේ වලාකුළ ඇත්තටම ඡායාරූපය අනාවරණය කරන වෙලාවේ මම දැක්කේ නෑ.  Contact Sheet එකේ මේ වලාකුළ දැක්කහම මම හිතුවේ මුද්‍රණය කරන කොට මගේ අතින් වෙච්ච වැරැද්දක් නිසා ඇති වුණු පැල්ලමක් කියලා.  කෝකටත් කියලා පටලය Enlarger එකට දාලා 4R (4×6) එකක් ගන්න බලනකොටයි මේක වලාකුළක් කියලා දැක්කේ. කොහොම වුණත් ඒ වාලාකුළ ඡායාරූපය ලස්සන කළා කියලා හිතෙනවා. හැබැයි ඉතිං ඒක එහෙම නම් මේක හොඳ ඡායාරූපයක් වෙලා තියෙන්නේ මගේ දක්ෂකම නිසා නෙමෙයි.

ඡායාරූපය ගැන විස්තර කිව්වොත් කැමරාව BRAUN – SR2000, කාචයත් BRAUN , පටලය FortePan 200.