2008 සැප්තැම්බර් 23 at පෙ.ව. 10:39 (දින පොත, මගේ පරිගණකය)
Tags: ගීත, චිත්‍රපටි, දිනපොත, සංගීතය, Hard Disk, Music, Songs
මගේ මිතුරෙක් ඉන්නවා. ඔහු ළඟ පැරණි ගීත වටිනා චිත්‍රපට විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒත් ඔහු ඒවා කාටවත් දෙන්න එච්චර කැමති නෑ. අපේ ගෙදර ආපු වෙලාවට ඔහුගේ pen drive එක මගේ පරිගණකයට සම්බන්ධ කළාම මට එය පිරික්සන්නට වත් ඉඩ දෙන්නේ නෑ. මෙයාට ළඟ දී හොඳ වැඩක් වුණා. මෙයාගෙ පරිගණකය තමයි මම මේ ලෝකෙ දැකපු බරපතල ලෙස ම වයිරස්වලින් හානි වූ පරිගණකය. කොච්චර වයිරස් තියනවා ද කියනවා නම් පරිගණකය පණ ගන්වන්න ම විනාඩි 15 විතර යනවා. අන්තිමේ දී මේක කොහෙත් ම පණගන්වන්න බැරි වුණා.
ඔහු මට කිව්වා පොඩ්ඩක් ඇවිත් පරිගණකය හදලා දෙන්න කියලා. මම ගිහින් බැලුවා. ඒ වෙනකොට ඔහු ළඟ තවත් අලුත් හාඩ් ඩිස්කයක් තිබුණා. මට කරන්න තිබුණේ අලුත් හාඩ් එකට OS එකක් දාලා හොඳ වයිරස් ගාඩ් එකකින් පරණ හාඩ් එක සුද්ද කරන එකයි. ඒත් මම එහෙම නොකර කිව්වා ඒ විදියට කළොත් අලුත් හාඩ් එකටත් වයිරස් එනවා ඒ නිසා පරණ හාඩ් එක මට දෙන්න මම මොනවා හරි කරලා වයිරස් අයින් කරලා දෙන්නම් කියලා. ඒත් ඒකෙ තියෙන පැරණි ගීත චිත්‍රපට මගේ අතර පත් වෙයි කියලා වෙන්න ඇති එයා ඒකට කැමති වුණේ නෑ.
අන්තිමේ දී හොඳින් බැරි නිසා නරකින් වැඩේ කරන්න මට සිද්ධ වුණා. ඔහුගේ ගෙදර ගිය වෙලාවක පැත්තකට දාලා තිබුණු පරණ හාඩ් එක හොරෙන් ම ගෙදර ගෙනාවා. මගේ පරිගණකයට හයි කරලා වයිරස් සුද්දයක් දැම්ම විට පෙනුනා ඒ හාඩ් එකේ ගිගා බයිට් 3 විතරම වැයවෙලා තිබුණේ වයිරස්වලට :-O ඔහු තවම දන්නේ නෑ හාඩ් එක මා ළඟ බව. අවශ්‍ය කරන දේවල් පිටපත් කරගෙන හිමින් සැරේ තිබුණු තැනින් ම ගෙනිහිල්ලා තියනවා. දවසක නැවත ඒක පරිගණකයකට සම්බන්ධ කළොත් ඔහු පුදුම වෙයි තිබුණු වයිරස් වලට මොකද වුණේ කියලා
මම මේ කරපු වැඩේ හරි ද වැරදි ද ?
save
ප්‍රතිචාර 10
2008 ජූලි 16 at ප.ව. 6:14 (මගේ පරිගණකය)
Tags: ලිනක්ස්, Linux, Modem, ubuntu

මම හිතන්නේ පහුගිය ආත්ම ගාණක ම මම බිල් ගේට්ස්ට ණය කාරයෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒකනේ ලිනක්ස් ස්ථාපනය කරන්න දරපු තුන්වන උත්සාහයත් අතිසාර්ථක ලෙස අසාර්ථක වුණේ. මෙන්න මේකයි කතාව
ලිනක්ස් පිහිටුවන්න තිබුණු උනන්දුව නිසා ගෙදර තිබුණු 10GB- IDE හාඩ් එකක් හයි කරලා ෆෙඩෝරා 9 ස්ථාපනය කළා. වැඩක් නෑ පරිගණකය නැවත පණ ගැන් වූ විට වෙනත් මෙහෙයුම් පද්ධතියක් තිබෙන බව වත් නොසළකා වින්ඩෝස් ආරම්භ වෙනවා. 
ඒ ගමන උබුන්ටු දාන්න හිතුවා උබුන්ටු 8.04 සංස්කරණයේ වින්ඩෝස්වල සිටම ස්ථාපනය ආරම්භ කළ හැකි නිසා එහෙම කළා. පසුව නැවත පණ ගන්වා ස්ථාපනය සම්පූර්ණ කළා. එවිට මෙහෙයුම් පද්ධති තේරීමේ තිරයක් පැමිණියත් එහි දී උබුන්ටු තේරූ විට Mount නොහැකි බව කියැවෙන පණිවිඩයක් සමග නැවත තේරීමේ තිරයට එනවා.
අවසාන වතාවට උබුන්ටු සජීවී තැටියෙන් ම ස්ථාපනය කරන්න හිතුවා. ඒත් සිදු වුණේ ෆෙඩෝරා ස්ථාපනය කළ විට සිදි වූ දේ ම යි.
එක්කෝ මේක ලිනක්ස්වල වැරැද්දක්. නැත්නම් මගේ පරිගණකයේ වැරැද්දක්. මම නම් හිතන්නේ මේක මගේ ලොකු අපලයක්.
ප්‍රතිචාර 10
2008 ජූලි 7 at ප.ව. 12:59 (මගේ පරිගණකය)
Tags: නිදහස් මෘදුකාංග, FOSS, Free Software
ඊයේ මම ගම්පහ නගරයට ගිය වෙලාවේ පරිගණක උපාංග හා සංයුක්ත තැටි අලෙවි හලකට ගියේ පරිගණක සඟරාවක් ගන්නයි. ඇතුළෙ සංයුක්ත තැටි පුරවා තිබුණු රාක්ක ඔක්කො ම හිස්. ඒකෙ හිටපු පොර කියපි “බලන්ඩකො මල්ලි, ඔක්කො ම සොෆට්වෙයා අල්ලනවනෙ, මාර අවුල”. මම කෙලින් ම ඇහුවා “ඉතින් ඔයගොල්ලෝ ෆ්‍රී ඕපන් සොස් ඒවා විකුණන්නකෝ. වැඩේ ඉවරනේ.” ඒගමන මිනිහ කියනවා “ඒ මොනව ද මල්ලි ඒ……!” මම එළියට බැහැල ආව එන්න. ඕන්න ඔහොමයි ලංකාවේ නිදහස් මෘදුකාංග ගැන දැනුම !
ප්‍රතිචාර 10
2008 ජූලි 2 at ප.ව. 7:34 (මගේ පරිගණකය)
Tags: ලිනක්ස්, Eagle USB, Linux, Modem, ubuntu
මගේ ලොකු ආසාවක් තියෙනවා window$ වෙනුවට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන්න. ඒ නිසා මීට පෙර වතාවන් දෙකක් මම මගේ පරිගණකයට උබුන්ටු දැම්මා. ඒත් ඒ හැම උත්සාහයක් ම කණගාටුදායන විදියට අසාර්ථක වුණා.
පළමු වතාවේ උබුන්ටු දැමූ විට උබුන්ටු හරහා කිසිම විදිහකින් මගේ hard එකට ඇතුළු වෙන්න බැරි වූණා. Mount කළ නොහැකි බවට දෝෂ පණිවිඩ ආවා. එතනින් ම උබුන්ටුවලට සමුදුන්නා.
දෙවන වතාවේ උත්සාහ කරන විට මම අන්තර්ජාල සබඳතාව අරගෙනයි තිබුණේ. මගේ මොඩම් එකේ ලිනක්ස් සඳහා වන Driver එක මා සතු ව තිබුනත් එහි උපකාරක pdf ගොනුවේ තිබෙන කිසිම දෙයක් මට තෙරුනේ නෑ. අන්තිමට ආයෙමත් මට උබුන්ටු ඉවත් කර WIndow$ කරා එන්න සිද්ධ වුණා
මගේ modem driver එකේ උපකාරක ගොනුව මෙන්න. දන්නා කෙනෙක් සිටී නම් මෙය කියවා driver එක උබුන්ටු හෝ ෆෙඩෝරා සඳහා ස්ථාපනය කරන අයුරු දන්වන්න.
ප්‍රතිචාර 4